ගෝඨාභයට එරෙහි මූලික විරෝධතා පෙත්සමේ තීන්දුව මැයි 7 ප්රකාශයට
ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මැයි මස 07 වැනිදා ප්රකාශයට පත් කිරීමට ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළේය.