(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී හෙට(3) උදෑසන 9.00 සිට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සම්මේලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාතය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතිය පළවිය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මන්ඩළය අනුමත කළ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය පක්ෂය විසින් කැදවන මහා සම්මේලනයකදී තහවුරු විය යුතුවේ.
එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකවරු හෙට පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වෙති.
සුගතදාස ගාහස්ථ ක‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර පළාත් ඇතුලූව දිවයිනේ සියලූම ආසන නියෝජනය වන ලෙස සීමා සහිත පක්ෂ සාමාජික පිරිසක් සම්මේලනයට සහභාගි කරවා ගැනෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහකට විශ්වාස කරන්න එපා.එයාගේ අයියා දැන්මම මඩ ගහන්න පටන් අරන්.
පක්ෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත කළත් ටී.එන්.එල් රූපවාහිණී පුවත් බැළුවොත් වෙන්නේ මොකක්ද කියලා තේරේවි.
සාමාන්‍ය පෙල අසමත් උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු... විද්‍යානුකූල රැකියාදෙන බුද්ධිමතෙක්...
සජිත්ට දැන් ජය සිකුරුයි. UNP එකේ ඉන්න තරුණ දක්ෂයන් එකතු කරගෙන හොද රජයක් කරන්න ලෑස්ති වෙන්න.
අදාල නොමැති වුවත්.., මොහුගේ තියනවා කීව උසස් අධ්‍යාපන සුදුසුකම් සලකා බැලුවොත් නේද හොඳ? මොකද දරන්නට අපේක්ෂා කරන තනතුර රටේ උත්තරීතරම තනතුර නිසා. එය මැතිවරණ බලධාරීන්ගේ යුතුකමක් බව මගේ අදහසයි.