ඉන්දීය බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීම් තුනක් * ප්‍රහාරයට පෙර ඉන්දියාව තුන් වතාවක් අනතුරු ඇගෙව්වා * අන්තිම අනතුරු ඇඟවීම පැය කිහිපයකට කලින් 24 April 2019
හරීන්ට - ඔහුගේ පියාට එරෙහිව පැමිණිල්ලක් පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්රහාරයන් පිලිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (24) පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. 24 April 2019
හදිසි නීති රෙගුලාසි සම්මත වෙයි රටේ පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද (24) ඒකමතිකව සම්මත විය. 24 April 2019
රාත්‍රී 10 සිට යළිත් ඇදිරිනීතිය ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 24 April 2019
බෝම්බ අනතුර වළක්වා නොගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා‘ දේවස්ථාන තුනක්, සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරවීම් ගැන ඇමතිවරුන් හා ඉහළ නිලධාරින් දැන සිට ඇතත් එම අපරාධය සිදුවන්නට නොදී වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය. 24 April 2019
‘කිංග්ස්බරි‘ හෝටලය යළි විවෘත කරයි පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ගොදුරු වුණු එක් ස්ථානයක් වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) දින සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇත. 24 April 2019
පැයක දුරකතන ඇමතුමකට පසු පොලිසිය දැක නිල්වලා ගඟට පනී මාතර මහානාම පාලම මත දී පොලීසිය දැක නිල්වලා ගගට පැන ජලයේ ගිලෙමින් සිටි සැක කටයුතු පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (24) සවස මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 24 April 2019
කූඨ ලේඛන සැකසීමේ නඩුවෙන් තිස්ස අත්තනායක නිදහස් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට වු ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යම් සිත් තැවුලක්, හානියක් හෝ පාඩුවක් සිදුවුයේ නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් ක`ථආරච්චි මහතා අද(24) නියම කළේය. 24 April 2019
එක්සත් ජනපද තානාපති කාර්යාලය 26 තෙක් වසා දමයි මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය ලබන සිකුරාදා (26) දින දක්වා මහජනතාව සදහා වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. 24 April 2019
ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි රට තුළ මතුව ඇති තත්ත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ ඇත. 24 April 2019
වගකිවයුත්තා දන්නවා:කියන්න බයයි පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය 24 April 2019
‘බුද්ධි අංශ ප්‍රධානියාගේ ලිපිය ජනපතිට යවන්න ඕනෑමයි’ බුද්ධි අංශ ප්‍රධානියා සිටින්නේ ආරක්ෂක අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා යටතේ බැවින් ඔහු පොලිස්පතිවරයාට යැවූ ලිපිය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට යවා තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 April 2019
ඉස්ලාමීය හා මුස්ලිම් සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළාදකී පාස්කු ඉරුදින සිවිල්වැසියන් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාමීය සහ මුස්ලිම් සංවිධානයන්හි නායකයින් සහ සාමාජිකයින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 April 2019
‘සියලු පාසල් විවෘතකිරීමට පෙර සෝදිසි කරනවා’ දෙවන වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 24 April 2019
ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. 24 April 2019
‘කළුවා‘ මැයි 07 දක්වා රිමාන්ඩ් රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් ‘කළුවා‘ අද (24 ) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය. 24 April 2019
ගෑස් පහ හන්දියේදී සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හැරේ පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව පිටකොටුව පොලිසිය කියයි. 24 April 2019
රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත. 24 April 2019
උතුර සන්සුන් - ආරක්ෂක අංශ සීරුවෙන් පසුගිය 21 වනදායින් පසුව මේ වනතුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ වන විට උතුරේ පොලිස් බුද්ධි අංශ කටයුතු දැඩි කර ඇති බවට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 24 April 2019
ධීවර වරායවල ආරක්ෂාව තර කරන්න ඇමති උපදෙස් රට තුළ පවතින තත්වය සලකා ආරක්ෂක අංශවලට සහය ලබාදෙමින් සියලු ධීවර වරායන්වල ආරක්ෂාව උපරිම සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර වරාය නීතිගත සංස්ථා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. 24 April 2019
ඇදිරි නීතිය තිබියදී මහමග ගී ගයමින් සිටි 6ක් අල්ලයි ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 24 April 2019
‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’ ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි. 24 April 2019
පාසලක් ඉදිරිපිට තිබූ ජීව අත්බෝම්බයක් නිශ්ක්‍රීය කෙරේ දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24) සොයාගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 24 April 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 April 2019
ඌව පළාතෙන් සැකපිට 54ක් අත්අඩංගුවට වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හා බදුල්ල යන ප්‍රදේශවල පොලිසිය හා ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී සැකපිට පුද්ගලයන් 54 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය. 24 April 2019
ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි චීනය කියයි පවතින වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබේ. 24 April 2019
මුවහත් කළ කඩු දෙකක් සමඟ පුද්ගලයෙක් අල්ලයි දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක තියුණු ලෙස මුවහත් කළ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 24 April 2019
සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හැරේ වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව සමීපයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරවා හැර තිබේ. 24 April 2019
හදිසි නීති පාර්ලිමේන්තු විවාදය අද රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වේ. 24 April 2019
බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ 18ක් අත්අඩංගුවට බෝම්බ පිපිරීම් සිද්ධීවලින් පසුව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පිපිරිම්වලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 April 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026