වීසා නොමැති විදේශිකයෝ 6ක් අත්අඩංගුවට ආගමන සහ විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටි විදේශිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 23 April 2019
‘යළිත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නෑ’ යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 April 2019
‘සැකකටයුතු ලොරියක් - කුඩා වෑන් රියක් ඇතැයි පොලිසිය කියයි‘ සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියළු ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 23 April 2019
පුත්තලම ප්‍රා සබේ විපක්ෂ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී ලබන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 23 April 2019
ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාට දරුවන් අහිමිවෙයි ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුම ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගොස් අනෙක් දියණිය අතුරුදන්ව තිබේ. 23 April 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට නොච්චියාගම පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අට (08)දෙනකු අද (23) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. 23 April 2019
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 April 2019
‘තවුහිද් ජමාද් තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලනවා’ ආගමික අන්තවාදය පතුරුවන තවුහිද් ජමාද් ඇතුළු සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 23 April 2019
‘බුර්කාව තහනම් කරන්න’ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 23 April 2019
අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය. 23 April 2019
‘රථවාහන නවතා තැබීමේදී රියදුරුගේ දුරකථන අංකය - නම ප්‍රදර්ශනය කරන්න’ නාගරික ප්‍රදේශවල පොදු ස්ථානවල රථවාහන නවතා තැබීමේදී රියදුරුගේ ජංගම දුරකතන අංකය සහ නම මෝටර් රථ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 23 April 2019
සුසාන භූමි අවටත් දැඩි ආරක්ෂාවක් දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුන තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කිරීම සිදුවෙන් පවති. 23 April 2019
විදේශිකයන්ගේ මළ සිරුරු කඩිනමින් බාරදීමට යයි බෝම්බ ප්රහාරයන් හේතුවෙන් මියගිය විදේශිකයන්ගේ මෘත දේහ කඩිනමින් එම රටවලට රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවළක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 23 April 2019
පාසල් දෙවැනි වාරය ඇරැඹීම 29 වැනිදාට කල් යයි රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 23 April 2019
දිව්‍ය පූජා නවත්වන්න'යි අගරදගුරුතුමෝ ඉල්ලති නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. 23 April 2019
පිපිරීම්වලට අදාළ 40ක් අත්අඩංගුවට බෝම්බ සිද්ධීන්වලට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 23 April 2019
‘පිපිරීමෙන් අතුරුදන් වූවන් ගැන දැනුම්දෙන්න’ දිවයිනේ ස්ථාන කිහිපයක ඉකුත් ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කරයි. 23 April 2019
ගෞරවණීය අතීතය අප ඇස්පනාපිටම අගරුවුණා ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්රවීම හරහා අප තුළ මතු වී ඇත්තේ කම්පනයක්යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 23 April 2019
පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 April 2019
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි පාස්කු ඉරිදා දිනයේ (21) මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 23 April 2019
මාර්ගයේ නතර කළ වෑන්රිය සැකයකට මුල පුරයි දෙහිවල අතපත්තු මාවත පල්ලිය අසළ මාර්ගයේ නවතා තිබු සැකකටයුතු වෑන් රියක් අසළ සිටි පුද්ගලයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක තැනැත්තෙකි. 23 April 2019
අමල් ඇතුළු 6 ක් ලංකාවට පාතාල නායකයකු වන මාකදුරේ මදූෂ් නැමැතා සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී , එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ගායන ශිල්පී ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 23 April 2019
පිපිරීම් වලින් විදේශිකයින් 45 ක් මරුට කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 45 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (22) රාත්‍රීයේ නිවේදනය කළේය. 22 April 2019
‘පුද්ගලයන් පරීක්ෂා කරන්න - අත්අඩංගුවට ගන්න හමුදාවට බලය දෙන්න’ රටේ උද්ගත වී ඇති තත්ත්ව වළක්වා ගැනීමට පවතින නීති රාමුව තුළ හමුදාවට තනිව කි‍්‍රයාකිරීමට බලයක් නොමැති බවත් පොලිසිය නොමැතිව පුද්ගලයන් පරීක්ෂා කිරීමේ, අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා දින කිහිපයකට හෝ හමුදාවට බලය ලබා දිය යුතු බවද හමුදාපතිවරයා අද (22) කියා සිටියේය. 22 April 2019
ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් අයිසිස් ආධාරකරුවෝ උදම්වෙති ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක - සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයයි. 22 April 2019
තොරතුරු සොයා ගැනීමට නොහැකි අය ගැන දැනුම් දෙන්න බෝම්බ පිපිරීම හේතුවෙන් මෙතෙක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දන්වා සිටී. 22 April 2019
අගමැති විදෙස් තානාපතිවරුන් හමුවෙයි රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 22 April 2019
‘ජනාධිපති අද හදිසි නීතිය ප්‍රකාශයට පත්කරාවි’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) හදිසි නීතිය ප්‍රකාශයට පත්කරනු ඇති බවත් පාර්ලිමේන්තුවේදී ඒ සඳහා සහයෝගය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ දී පැවැසීය. 22 April 2019
ඇළ මාර්ගයක තිබී ජාතික හැඳුනුම්පතක් සොයාගනී ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක් පාදුක්ක බෝපේ වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අද හමු වී ඇතැයි පොලීසිය කියයි. 22 April 2019
සරසවි අධ්‍යයන කටයුතු තාවකාලිකව නවත්වයි රටපුරා විශ්ව විද්‍යාලවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු නතර කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවැසීය. 22 April 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026