‘වතුකම්කරුවනට දිනක වැටුප 1000 ක් දෙන්න බෑ’ වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා කොළඹදී අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 25 October 2018
බදුල්ල විදුහල්පතිනියගේ පෙත්සම විභාගයට අවසර දේශපාලන ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළැයි තමා දණ ගස්වා අමානුෂික ආකාරයෙන් බැන වැදීමෙන් ඌව පළාත් මහ ඇමැතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි කියමින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර ලබා දුන්නේය. 25 October 2018
පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 25 October 2018
ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (25) පැවසීය. 25 October 2018
රවීගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළාට පරීක්ෂණයක් ඉල්ලයි බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. 25 October 2018
‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්රකරුවන්‘ පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම කටයුතු දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 October 2018
ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්රමිකතාවයන් හා දූෂණ නිසා බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක් පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි සැක පිට පදවිය වෙහෙරතැන්න ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක අණ දෙන නිලධාරිවරයෙකු ලෙස රාජකාරි කරන යුද හමුදා මේජර්වරයකු සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි. 25 October 2018
නාලක - ෆොන්සේකා සබඳතාව නාමල් කුමාර හෙළිකරයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසයි. 25 October 2018
අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 25 October 2018
ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යළි රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා යළි නොවැම්බර් 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද (25) නියෝග කළාය. 25 October 2018
බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 25 October 2018
දුම් සහතිකයත් ළඟ තබාගැනීම අනිවාර්ය බව කුරුවිට පොලිසිය කියයි මෝටර් රථයක් ධාවනය කරන විට ලියාපදිංචි සහ රක්ෂණ සමඟ වායු විමෝචන සහතිකය ද ළඟ තබා ගැනීම අනිවාර්ය බව කුරුවිට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ඒ. සේනාරත්න මහතා කුරුවිට නගරයේ කුලී ත්‍රීරෝද, ලොරි සහ වෑන් රථ රියැදුරන් වෙනුවෙන් කුරුවිට පැවති වැඩමුළුවකදී පැවසීය. 25 October 2018
නාය අවදානමක් නිසා බුලුගහතැන්න පාසල වසයි රත්නපුර බුලුගහතැන්න මහා විද්‍යාලය නායයාමේ අවදානමක් හේතුවෙන් අද (25) වසා දැමීමට කටයුතු කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසීය. 25 October 2018
නාලක ද සිල්වා 5 වැනි වරටත් සීඅයිඩීයට ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 25 October 2018
2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම හෙට 2018 ඡන්ද හිමි නාමලේඛනය හෙට (25) සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 24 October 2018
මත්තල ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන ඇමැතිට පවරයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවැරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට කැබිනට් මණ්ඩලය විසින් පවරනු ලැබ ඇත. 24 October 2018
ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් පුරප්පාඩු පුරවන්න ජනපතිගෙන් නිර්දේශ පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ නමද අභියාචනාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ නමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 October 2018
අගුණකොළපැලැස්ස බන්ධනාගාර විරෝධතාව මෙහෙයවූ රැඳවියෝ 8 වෙනත් බන්ධනාගාරවලට මාරු කරති අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා සිරකරුවන් ඇරැඹු විරෝධතාව මෙහෙයවූ සිරකරුවන් 08 දෙනෙකු අද (24) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ඉවත්කර වෙනත් බන්ධනාගර වෙත මාරුකර යවා ඇත. 24 October 2018
ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ එරට හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට සහ ධවල මන්දිරයට සැක කටයුතු පාර්සල් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 24 October 2018
වැස්ස වැඩිවෙයි:දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (25) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 October 2018
බැංකොක් සිට ආ ගුවන් යානයක් හදිසියේ මත්තලට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද(24) දින සවස් කාළයේ ඇති වී තිබූ අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා , තායිලන්තයේ බැංකොක් නුවර සිට ගොඩ බැසීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි . 24 October 2018
බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර බැටන් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය. 24 October 2018
ජාතික වකුගඩු රෝග අරමුදලට අධීක්ෂණ මණ්ඩලයක් ජාතික වකුගඩු රෝග අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හා එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අධීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමටත් අරමුදලින් ප්රතිලාභ සැලසීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 24 October 2018
මහින්දගෙන් ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ට උපදෙස් නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ට අද (24) උපදෙස් දී තිබේ. 24 October 2018
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විටත් විවෘත කර තිබේ. 24 October 2018
කෂෝක්ජීගේ ඝාතනයේ සියලුම සාක්කි සීඅයිඒ සංවිධානයට තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් අද (24) වාර්තා කළේය. 24 October 2018
අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ බව එහි ලේඛාධිකාරි අබ්දුල් සතාර් මහතා පැවසිය. 24 October 2018
‘රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා නම් හෙළි කළ යුතුයි’ රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 24 October 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026