(විනීතා එම් ගමගේ)
ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.
එදාත් ඔහුට යුද්ධය නොතේරුණු බවත් අදත් එය එසේම බවත් පැවසූ ෆොන්සේකා මහතා හමුදාව ලක්ෂ පහක් යැයි ඔහු පසුගිය දිනක කී නමුත් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ක ගෙන බැලූවත් එහි සිටියේ ලක්ෂ තුනක් පමණක් යැයි ද කියා සිටියේය.
තමන් යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය මෙහෙය වූයේ භූමිය අල්ලා ගැනීමට නොව සතුරන් මරා දැමීමට යැයි ද එසේ නොවුනේ නම් භූමිය අල්ලා ගෙන ඉදිරියට යද්දී ත‍්‍රස්තවාදින් යළි එම භූමින් අල්ලා ගන්නා බව කී ෆීල්ඞ් මාෂල්වරයා ත‍්‍රස්වාදින් 35,000 ක් සිටි බවත් එයින් 23,000 ක් මරා දමා අනෙක් 12,000 කට ආසන්න පිරිස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ බවත් සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ කාර්යාලයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෙබළුන් කිසිවිටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින්නේ යැයි ද ඔවුන් නිරන්තර පිළිගන්නේ නිල ඇඳුම් ඇඳි අයෙකුගේ අණ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් ආරක්ෂක ප‍්‍රශ්න රටේ පවතින්නේ යැයි ද එහෙත් ඒවා දේශපානයට යොදා ගත යුතු නැතැයි ද කී ෆොන්සේකා මහාතා කිසිවිටෙකත් ආරක්ෂාව හා දේශපාලනය පටලා ගත යුතු නැතැයි ද කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවත් ඔහුට කරන්නට වන්නේ ආරක්ෂක ලේකම් තනතුරේ වැඩකටයුතු යැයි ද ඒ සඳහා අගමැතිවරයා අණ දෙනු ඇතැයි ද ඊට හොඳම උදාහරණය වන්නේ දැනටමත් ඔහු අයියාගෙන් අසා පිළිතුරු දීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු තමන්ට ආරක්ෂක ඇමැතිකම දුන්නත් නැතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් එම පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බැදී සිටින්නේ යැයි ද ඇමති ධුරය ලැබුණොත් කිසිදු අවස්ථාවක කිසිදු අන්දමකින් රටේ භෞමික අඛණ්ඩතාවයට හානිවන අන්දමේ සිදුවීමක් වන්නට ඉඩ නොතබන්නේ යැයි ද කී ෆොන්සේකා මහතා ජාති කුල ආගම්භේද හෝ පළාත් භේද නොතකා සියලු දෙනා රකින්නේ යැයි ද පැවසීය.
නීතිය හා සාමය ගැන කථා කරද්දී අදත් මත්ද්‍රව්‍ය උවදුර ගැන කථා නොකරන බව පැවසු මන්ත‍්‍රීවරයා කිසිදු නායකයකු සද්භාවෙයන් ඊට අත නොගැසූ බවත් වත්මන් පාලකයා පවා ඒ පිළිබඳව කථා කළේ දේශපාලන වාසියක් වෙනුවෙන් බවත් එල්ලා මැරීම ගෙනැවිත් ඔහු උත්සාහ කළේ දේශපාලනය වෙනුවෙන් ජීවිත හතරක් බිලිදීමට වුවත් එම පිරිස ගේ වාසනාවකට ඔවුන් බේරුණු බවත් සඳහන් කළේය.
අද සිටින පාතාලය පවා වැඩ පටන්ගත්තේ ඉකුත් පාලන සමයේ බව පැවසූ ෆොන්සේකා මහතා තමන් ආරක්ෂක ඇමැති ධූරය ලැබුණොත් පාතාලය අනිවාර්යයෙන්ම තුරන් කර දමන බවද කියා සිටියේය.
හමුදාවන්හි වසර 22 ක සේවයෙන් පසු විශ‍්‍රාම ගන්නා පිරිස වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සේවය ආරම්භ කළ නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබුණේ එහි රැකියාවක් ලබාගන්නට නම් ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයාගෙන් ලිපියක් ලබාගෙන පැමිණිය යුතු බව යැයි ද ඔහු ප‍්‍රකාශ කළේය.
එවකට රතුපස්වල සිද්ධියට දුන් නියෝග ක‍්‍රියාත්මක කළ නිලධාරින් සිරගත වූ බව ද හලාවත ඇන්ටනි, කටුනායක රොෂේන් වැන්නන්ට වෙඩි තැබූ අය සිරගත වූ බවද එකී නියෝග නිකුත් කළ තැනැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.
ටී එන් ඒ සංවිධානයේ යෝජනා ගැන අදහස් දැක්වූ ෆොන්සේකා මහතා එම යෝජනා දෙස බැලීමට සිදුව ඇත්තේ රටේ ජාතික සමගිය සංහිදියාව හා සමගිය යන කරුණු සමඟ යැයි ද බලය බෙදීම රටේ ඒකීය භාවයට හානි නොවන පරිදි යැයි ද කී මන්ත‍්‍රීවරයා යලි ත‍්‍රස්තවාදයක් නොඑන්නට නම් එවැනි යෝජනා දෙස බැලිය යුතු යැයි ද කීය.
මෙම මාධ්‍ය හමුවට යුද හමුදා මුලස්ථානයේ හිටපු මනෝවිද්‍යා අධ්‍යක්ෂ මේජර් ජනරාල් උපුල් විතානගේ සහ 55 වන සේනාංකයේ හිටපු නියෝජ්‍ය සේනාධිපති මේජර් ජනරාල් නිශ්ශංක රනවන යන මහත්වරු ද සහභාගී වූහ.
ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කල සේවයට අපි හැමදාම ගරු කරනවා. නමුත් සජිත් ජනාධිපති වෙන්න තියා ඇමැති තනතුරකටවත් සුදුසු නැහැ කියපු ඔබම නේද මේ ඔහුව ජනාධිපති කරන්න උත්සාහ කරන්නේ? එතකොට අපි මොකක්ද විශ්වාස කරන්න ඕනේ?
දිව දෙකේ කතා..
එ්කම තමයි ගෝඨාභයගේ දක්ෂකම සහ නායකත්ව හැකියාව. ඔහු දන්නවා යකාගෙන් වුණත් වැඩ ගන්න හැටි...
අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගෝඨා එදා උපදෙස් දීපු ආකාරය ගැන, එදා යුද්ධයේ තිබුණු අවදානමෙන් හමුදාවන්ට ගොඩ එන්න මාර්ගය සකසපු ක්‍රම ගැන ගුණ වයලා, සජිත් එදා ගාලුමුවදොර පිටියේදී මොහුට ආරක්ෂක අමාත්‍යංශය දෙනවයි කීවට පස්සේ අර පරණ සුපුරුදු විදිහටම ආයෙත් ගෝඨාට බනින්න අරන්.. දැන්නම් අපිට හිතෙනවා එදා යුද්ධය කලේ ඔබතුමාට හොඳ සිංහ පැටව ටිකක් හිටි නිසා වෙන්න ඕනේ.
ඒක තමයි කියන්නේ, වැරද්දක් තිබේ නම් චෝදනා තිබේ නම් ඔබ වග කියන්න ඕන කියල, එදා කිව්වේ. ගරු බුහුමන් වලට ඔබට අයිතියක් නැහැලු. හිරෙත් දැම්මේ. ගරු නම්බු පවුලේ සාමාජකයින්ට පමණයි.
මෙයාලට දේශපාලන වේදිකාවේ යුද්ධය විකුණන්න අවසර දීලාද?
පාස්කු බෝම්බයට පසු කීවේ වෙනත් දෙයක් නේද ?
දැන් ඔයාගේ කතා විශ්වාස කරන්න බෑ. ඔයාගෙ කටින්ම තමයි කිව්වේ තාත්තගේ අඩි පාර ගැනයි, කොටි පොලිසියේ අය මරපු ඒවයි.. දෙපිටි කාට්ටු මිනිස්සු.. යුද්දෙ දින්නේ අහිංසක සෙබලු තමන්ගේ රාජකාරිය අකුරටම කරපු නිසා..
අර රුවන්වැලි මහාසෑය දුටුගැමුණු රජ්ජුරුවෝ කෙරෙව්වා කියනවා වගේනේ..? පලංචි දිගේ බඩගගා අව්වේ පිච්චි පිච්චී, පලංචි වලින් වැටිලා අතපය කඩාගත්තු බාස්ලගේ නම අහලකවත් නැහැ. අන්තිමේ සැය බැඳපුවට හරියට පඩි බේරුවද දන්නෙත් නැහැ. ඒ වගේ මේ ගොල්ලෝ යුද්ධය ඉවර කරපුවගේ බෝඩ් එල්ලගෙන දඟලනවා, යුද්ධයට ගිහින් අතපය කඩාගත්තු කොල්ලෝ පාරේ උපවාස කරනවා. ඇත්තටම කියනවා නම් යුද්ධය අවසන් කළා නොවෙයි අවසන් කරන්න වුණා. දිගටම කොටින්ගේ පැත්ත සහ රජයේ පැත්ත ගත්තු ඉන්දියාව සහ යුරෝපීය බලවතුන් චන්ද්‍රිකා රජය සමයේ රනිල් විසින් ඉන්දියාවට ගොස් ඇතිකරගත් අවබෝධතාව මත ඉන්දියාව සහ සෝල්හයිම් විසින් ඇතිකරගත් ගිවිසුම මතයි යුද්ධයේ අවසානයට මගපෑදුනේ. ලංකාවේ භුමිය හා අසබඩ මුහුදුමාර්ගය පාලනය කිරීම ඒ බලවතුන් එකඟතාවයකට පත්වූ පසුවයි අපට මේ ඔවුන් වෙනුවෙන් යුද්ධ කරවූ ත්‍රස්තයින් අතුගා දැමීමට ඔවුන් අවස්ථාව දුන්නේ. ලංකාව වටා සැතපුම් පන්සීයක් මුහුදු සිමාව අපට හිමි වුනෙත් එහි ප්‍රතිඵල ලෙසයි. එබැවින් මේ කාටවත්, රාජපක්ෂලාට හෝ සරත් ෆොන්සේකාට මෙහි කළයුත්තක් තිබුනේ නැහැ. ඔවුන් කලේ විදේශ ආධාර නොලබා තනිවූ ත්‍රස්ත කල්ලියක් අතුගාදැමීමයි..
තවත් උෟනපූරණයක් ලෙස, මෙම රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්වල සහිතව සෝල්හයිම් විසින් ඉන්දියාව සහ එක්ව ගැසූ ගිවිසුමින් පසුව ඔවුන් ප්‍රභාකරන්ට යම් තරමක ස්වාධීන පාලනයක් යෝජනා කළත් තමන් මෙතෙක් කල් සටන් කලේ වෙනමම රජයකට විනා ඉන් අඩුවෙන් කිසිවකට නොවන බව තමිල් සෙල්වම් කළ ප්‍රකාශයත් පුවත්පත්වල පළවුණා. ඉන් නොබෝ දිනකින් දුරකථනයෙන්ම ඉලක්ක වී ඔහු බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා. යුද්ධය ඇරඹුණේ ඉන්පසුවයි. ඒ යුද්ධයේ මේ සියලු දෙනා සටන් කළ හෝ සටන් මෙහෙයවූ බව අැත්තක්. නමුත් යුද්ධයේ නිමාවට පාදක වුනේ ඒ කියූ ගිවිසුමයි. එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ඇමෙරිකානු වෙළඳපොළට නිදහසේ ඇතුළුවුණා. මාලදිවයින දක්වාම නාවික මුර සංචාර ඇරඹුණා...
මේකනම් එසේමෙසේ දිවක් නොවේ.. රාජකීය ඇටනැති දිවක්..
ගෝඨාභය යුදහමුදාවට අණ නොදුන් බව සැවොම දන්නා කාරණයකි. ඔබට පෙර හමුදාපතිලටත් යුද්ධය ඉවර කරන්න එකම බාධකය වූයේ දේශපාලන නායකත්වයක් නොමැති වීමයි. මහින්දත් ආත්ම විශ්වාසයෙන් තීන්දු තීරණ ගත්තේ ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ලෙස දක්ෂ ලෙස කටයුතු කළ නිසයි. අර ප්‍රභාකරන්ගේ උපන් දිනට පිස්තෝලයක් තෑගි යවපු ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියා නම් ඔබට හමුදාපතිකමවත් ලැබෙන්නේ නැහැ. දෙමළ සංධානය ඔබත් එක්ක සුහදව සිටීමත් ගෝඨාභය කෙරෙහි තරහින් සිටීමෙන් අපට සිතාගන්න පුළුවන්.. එතුමා මේ යුද්ධය ඉවර කරන්න ප්‍රධාන සාධකය බව...
ආරක්ෂක ලේකම් මොකුත්ම කරේ නෑ. ඔයා තමා ඔක්කොම කරේ... ගිය මාසේ කිව්ව කතා බැලුවහම දැන් මෙහෙම කතා කරන්නේ මොකද කියලා අපි දන්නවා. අඩු ගණනේ බල්ලෙකුට කන්න දුන්නන් ඌ වලිගේ හරි වනනවා.
යුද්දෙට බයේ හමුදාවෙන් අයින් වෙලා, රටෙනුත් පැනල ගියකෙනෙක් කොහොමද යුද්දෙට උපදෙස් දෙන්නේ?
ඔන්න පටන් ගත්ත කඩේ යන්න. ඇයි එහෙනම් ඔයාට ඊට කලින් යුද්ධය ඉවර කරන්න බැරි වුනේ? අනික කාටවත් ඕන නැහැ ඇගිල්ලෙන් ඇනලා ඔයාට හැම වැඩක්ම කියල දෙන්න. අපි පයිප්ප බාස් කෙනෙක් අරගෙන ඔහුට වැඩ කියල දෙන්න යන්නැහැ. ඔහු ඔහුගේ රස්සාව කරනවා. හැබැයි අපි කැමතිනම් ගෙදර යවනවා. අනික දැන් ඔයා කඩේ යන ලොක්කෝ යුද්ධය යන වචනය පාවිච්චි කිරීම තහනම් කරලා තියෙන්නේ. බලාගෙන
කට ඇරෙන්නේ වාසි පැත්තට තමයි. අනේ මන්දා මහජන ඡන්දයකින් දිනන්න බැරි කෙනා කියන කතා... අනේ අපේ පාලකයෝ... රජ නම කුණු කරගෙන දඟලනවා.
එ්ක ඇත්ත උපදෙස් කෙලින්ම දින්නේ යුද පෙරමුණට... ඒකනේ පෙරමුණේ සිටි සියලුම සෙනවියෝ ගෝඨාට සපෝට් කරන්නේ...
මේක ජනාධිපති වාරණයක් නිසා අපි බලන්න ඕනෑ ඇමැතිලාගේ සුදුසුකම් නොව ජනාධිපති අපේක්ෂකයින්ගේ අධ්‍යාපන සුදුසුකම, තීරණ ගැනීමේ හැකියාව, ආයතනයක් මෙහෙයවා ගත් පළපුරුද්ද, නවීන ලෝකයට ඔවුන්ගේ දැක්ම ප්‍රයෝගිකද වැනි කරුණුයි. කතාකිරීමේ හැකියාව අනුව නම් වත්මන් ජනාධිපතිතුමා පරදවන්නට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂකයෙකුට නොහැකි බව පෙනේ. ඒත් අපිට දුක කියන නායකයෙක් නොව දුක නැතිකළ හැකි නායකයෙක් තෝරමු. පත්තරෙන් නොබලන සියලු තොරතුරු අපට කලින් දැනගන්න නායකයෙකු පත්කර ගනිමු.
නොවැම්බර් 16 පස්සේ උපදෙස් දේවි. එතකොට පිළිපදින්න ලැහැස්ති වෙන්නකෝ.
කතාව ඇත්ත සාක්කි ගෝඨාභය මාධ්‍ය හමුවේ හෙළිකරයි
අනේ මන්දා මෙයා සැරින් සැරේට එක එක ඒවා කියවනවා
ගරු හිටපු හමුදාපති 30 වසරක යුද්ධය නිමාකල වීර සෙන්පති ෆිල්මාෂල් ගරු සරත් ෆොන්සේකා රණ විරුවාණනි ඔබතුමාගේ මේ දේශනය අපි මහත් ඉහලින් සපත කරමි. නිදුන් නිරෝගී සුව පතමි
කොහොමද රඟේ??
මෙයා හැමදාම කලේ වාසි පැත්තට හේත්තු වෙන්න ට්‍රයි කරපු එක.. මේ පාරත් කොච්චර ඩොලර් ගිලලද දන්නේ නැහැ...!!! අපි නොදන්න ෆොන්සේකා ...!!!
"ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ..." කොච්චර කුහකයිද කියලත් මේකෙන් පේනවා ! "රටේ සේනාධිනායකයා කියන දේ සෙබළුන් පිලි පදින්නේ නැත්ද, එහෙනම් මේ කියන යුද අපරාධ කරලා තියෙන්නේ මෙතුමද…?" දිව නැවෙන පැත්තට කතා කියනවා හිතන්නේ නැතුව. අනේ අනිච්චන්..!
හමුදාවක ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් වෙන්න නම් ශ්‍රී ලංකාවට යන්න !! ලංකාවේ පාබල හමුදාවට ඕනෑතරම් ජෙනරාල්වරුන් ඉන්නවා !!
මෙන්න සටන් මෙහයවපු නියම මිනිසා. අපට මේ රට, ජාතිය ආරක්ෂාව ගැන බිය විය යුතු නැහැ. මේ මිනිසාගෙන් මේ රටට විය යුතු සේවය ලබා ගත යුතුයි. අප කළ ලොකුම වැරැද්ද මොහුව පරදා මහින්දට දෙවන වරත් බලය දීමයි.
එසේ නම් කිසි කතාවක් නැතිව මංගල මානව හිමිකමට කීවා යුද්ධ අපරාධ බාරගන්න. ඔබම කීවා සුදුකොඩි කාරයින්ට වෙඩි තැබීමත් බාරගෙන රණවිරුවන් වෙනුවෙන් විදුලිපුටුවට යාමට තමන් සූදානම් කීව සජිත්ව විදුලිපුටුවට යවන්න.
ඔබ කොතරම් පුනපුනා කීවත් 2015 පෙර හා පසු ආරක්ෂක තත්ව සලකා බලන විට අපට පැහැදිලි වෙනසක් පේනවා. ශාලාව ආයුධ ගබඩාව පිපිරී විනාශ වීම, පාස්කු ඉරිදා සිදුවූ විනාශය වැනි දේවල් වලට ආරක්ෂක ලේකම්වරු වගකිව යුතු නැතිද? ඔබතුමා යුද්ධය හොඳින් මෙහෙයවූ බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් ඔබට තනිවම එය කිරීමට නොහැකි බව ඔබතුමාට නොවැටහීම ඉතාම කණගාටුවට කරුණකි. ඔබට පහළින් ඉන්නා සෙබළුන්ගේ හා නිලධාරීන්ගේ සහයත්, ඉහළින් සිටින තීරණ හා යටිතල පහසුකම් හා ආයුධ ලබා ගැනීමට තීරණ ගන්නා දේශ පාලකයන්ගේ සහයත් නොමැති නම් ඔබට කවදාවත් ඔය යුද්ධය නිමා කිරීමට නොහැකි වීමට ඉඩ තිබිණි. විශ්‍රාම ගොස් සිටි ඔබව නැවැත එම තනතුරේ පිහිටුවා යුද්ධය දායකත්වය ලබා දුන්නේ, දැන් ඔබ දෝෂාරෝපණය කරන ඔබගේ විරුද්ධවාදී දේශ පාලකයන්ය. ශ්‍රී ලංකාවට ගෞරවයන් ලබා දුන් සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි අයත් ඔබ වැනි ශ්‍රී ලංකාවට අනගිභවනීය සේවය කළ අයත් කුණු දේශපාලුවන්ට කහින්ට යාම ගැන මධ්‍යස්තව මේ දෙස බලාසිටින අයට ඉතා කණගාටුවක් ඇති කරන කාරණයකි.
මම බැලුවා ඔය කතන්දර ටික කියන්න පරක්කු මොකෝ කියලා!
එහෙනම් සුදු කොඩි කතාව අමූලික බොරුවක්නේ...!
එහෙනම් ඔබතුමාට උපදෙස් දුන්නේ ඇමරිකාවේ ග්‍රීන්කාඩ් කන්තෝරුවේ ලොකු මහත්තයා වෙන්න ඇති නේද? ඒක නිසානේද ඔබතුමා යුද්ධය අවසාන සුමානේ අපේ ජනාධිපතිතුමාට ඇමතිකම බාරදීලා ඇමරිකාවේ ගිහින් හිටියේ. අැයි මතකයිනේ ජනාධිපතිතුමා කිව්වේ..? එයයි අන්තිම සුමානේ තනියෙන් යුද්දෙ ඉවර කරේ කියලා. මේ සියල්ලම දෙපැත්තෙන් බේරෙන කතාය.
ඔබතුමා හමුදාපති කෙරුවෙත් ගෝඨාභය, වෙනත් කිසිවෙක් නොවේ ඊට පෙර හමුදාවේ තනතුරුවල හිටියා. ඇයි යුද්ධය ඉවර කරන්න බැරි වුනේ? කඳවුරු සහමුලින්ම විනාශ වුනේ දහස් ගණන් සෙබළුන් මැරුනේ කඳවුරු තුළ, පැහැදිලි කිරීමක් ජනතාව අසනවා ඔබට එම කාලයේ ඕන ගොනෙක් කියමින් අධෛර්යය කළ ද්‍රෝහීන් පිරිවරාගෙන නැවතත් ජනතා අප්‍රසාදයට ලක්වනවා නේද ?
ස්තුතියි දැනුවත් කිරීම ගැන..., ඔයා තමයි ඔක්කොම කරේ තනියම... අපි දැනුවත් වුණා හොඳේ..
එ්කනේ, රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී මෙතුමාව හමුදාපති කළා නම්, 2004දී සටන ජයගන්න තිබ්බා. මහින්ද එනකම්ම අපරාදේ පල්වෙවී හමුදාවේ හිටියේ. !!!
ඔබතුමා අන්තිමට කියයිද දන්නේ නෑ ආටිලරි එකක් කරේ තියන් මම තනියට ගිහින් කොටියට ගැහුවා කියලා... මහත්තයෝ යුද්ධයකදී දේශපාලන නායකත්වයයි, යුද නායකත්වයයි කියන්නේ දෙකක්... ඔබතුමා යුද නායකත්වයට සුදුසුයි... හැබැයි රටක යුද්ධයක් දිනන්නේ දේශපාලන නායකත්වයේ ඕනෑ එපාකම්වලට අනුව... නැත්තං ඔබතුමාට ඉස්සරවෙලා හොඳ යුද නායකයෝ හිටියා... ඒ අයටත් හොඳ දේශපාලන නායකත්වයක් තිබුණා නම් ලේසියෙන්ම යුද්ධය ඉවර කරන්න තිබ්බා. ඒ කාලේ කොටි ඒ තරම් දියුණුවෙලා හිටියෙත් නෑ. ඔබතුමා ද පතරොම් ආයුධ ඕඩර් කලේ...? ජාත්‍යන්තරය කළමනාකරණය කළේ... හැබැයි ඔබතුමා සුදු කොඩි කතාවක් කියලා ජයග‍්‍රහණයට පළවෙනි කලු තිත තිබ්බා කියලා නම් මතකයි.
සෙබළුන් කිසිවිටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින බවත්, රතුපස්වල, කටුනායක සිද්ධීන් වලදී සෙබළුන් ටයි, කෝට් ඇඳි අයෙකුගේ අණ පිළිපැද ඇතිබවත් මෙතුමා කියයි. මොකක්ද මේ පරස්පරය...
යුද්ධයට අණදුන් නිහඬ විරුවා ගරු රනිල් මැතිතුමායි.
ඔබතුමා රටට සේවයක් කළ පුද්ගලයෙක් බව අප සියලුදෙනාම හොඳින් දන්නවා. නමුත් ඔබගේ කට නිසා ඔබ සුදුසු නැති තැනකට අද ගිහිල්ලා ඉන්නවා. එබැවින් ඔබ සිටිය යුත්තේ කුමන ස්ථානයේද යන්න අමාරුවෙන් හරි ඔබ තීරණය කරන්න. වචනයක් පිට කිරීමට කලින් ඔබ යුද හමුදාවේ වීරෝදාර රණකාමියෙක් යන්න අමතක කරන්න එපා. ඔබ ගැන අපට දුකයි.
මේ නම් බොරු කියන්නේ. දවසින් දවසට වචන වෙනස් කරනවා.
එ්ක තමයි ගෝඨාගේ නියම නායකත්ව හැකියාව..., ඔහු දන්නවා යකෙක්ගෙන් වුණත් වැඩ ගන්ට...
තලගොයා කබරගොයා කිරීම..
පින්තූරයේ දෙපැත්තේ ඉන්න දෙන්නා හිනා තදකරන් ඉන්නවා නේද?
තේ එකක් ටිකක් හෝ නිවිලා නම් හදපු එක්කෙනාගේ ඔලුවේ ඉඳන් වක්කරන්නේ කව්ද අනේ?
ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ තියෙන අයට ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ. යහපාලන රජයක් අපිට ඕනේ.
මෙයයි මෙයා කඩේ යන නායකයයි තකට තක... කිව්වොත් කියන්නේ ඔය වගේ ඡන්ද කඩා ගන්න කතාමයි. මේ රටේ මිනිස්සුන්ට කොලේ වහලා කිසිම දෙයක් දැන් කරන්න බැරිබව මේ ගොල්ලන්ට තවමත් වැටහිලා නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පසු මිනිස්සුන්ව අන්දන එක දැන් ලෙහෙසි නැහැ මහත්මයා.
මෙයාල හැමදාම මිනිස්සුන්ට බොරු කියකියා වචන වෙනස්කරනවා. එයාලා දන්නේ නැහැ දැන් ඉන්න වැඩි ජනතාවක් රටේ තත්වය තේරුම් අරන් තියෙන්නේ. වෙලාවට ජනතාව හරි තීරණය ගන්නවා. සියලු ජනතාවට හරි තීරණයක් ගන්න නුවණ පහළවේවා...!!!
බේගල් කියන්නේ මේවට...
මේ මිනිහට සිංහයෙක් වගේ ඉන්න තිබිච්ච එකේ දැන් බලුවෙලාද කියලා හිතෙනවා. කෝ දැන් සජිත් ගැන කියපුවා, ඒ මිනිහගේ පෝස්ටර් ගහගෙන පිටිපස්සෙන්.. මෙවන් කතා හොඳයි සජිත් වගේ අයට. තමුන්ට තිබුණු ඡන්ද 5000 වත් රැකගන්න උත්සාහ කරන්න.
ඔහොම ගිහින් කියාවි සජිත් මහත්තයා නෙවෙයි රට කෙරුවේ මම කියලා. සිරිසේන සහ ෆොන්සේකා යන දෙන්නම කන්න දීපු අත හපාකෑමේ ගතිය පෙන්නුවා.
මෙතුමා කතා කරන්නේ කටින්ද? මීට සති කීපයකට කලින් කල කතාවල් කලේ කවුද එතකොට...?
අනේ මන්දා මේ වගේ අය...
එතකොට නාවික හමුදාවයි, ගුවන් හමුදාවයි මෙහෙයවීම් කලේ කවුද මහත්තයෝ? කට තිබුණාට බොරුවට කියවන්න එපා. ඔබලා යුද්ධය ඡන්දයට අදාල කර ගන්න එපා කියලා ඒක ගැනම කියවනවා. ඉතින් ඒවාට උත්තර අනෙක් කට්ටිය දෙනවා.
දැන් කියාවි පියතුමා ආයුධ දුන්නෙත් නැහැ කියලා..
වහිනකොට එකක්, පායනකොට තව එකක්... කොහොම හමුදාව පාලනය කරාද මන්දා... හොඳ වෙලාවට දෙවන පෙළ සුපිරි නායකයන් ටික හිටියේ...
මේ මිනිහට සිංහයෙක් වගේ ඉන්න තිබිච්ච එකේ දැන් බලුවෙලාද කියලා හිතෙනවා. කෝ දැන් සජිත් ගැන කියපුවා, එයාගේ පෝස්ටර් ගහගෙන පිටිපස්සෙන්.. මෙවන් කතා හොඳයි සජිත් වගේ අයට. තමුන්ට තිබුණු ඡන්ද 5000 වත් රැකගන්න උත්සාහ කරන්න.
ආරක්ෂක ඇමති ටොපිය දෙනවා කිව්වා විතරයි ආයෙත් බුරන්න පටන් ගත්තා. කලින් කියපු ඒවා මොකුත් මතක නැහැ...
ගෝඨාභය සහ මහින්දද සියල්ල කලේ? මෙතුමා කියන්නේ සහ කලේ බොරුවක්ද?
මේ ඉන්නේ යුද්ධ 2ක් ජයගත්ත අභීත මිනිසෙක්. එක යුද්ධයක් LTTE එකත් එක්ක.. අනික රාජපපක්ෂ භීෂණයත් එක්ක. පැන්ෂන් නැතිකළා.. මෙඩ්ල් ගැලෙව්වා... ජම්පරය ඇන්දුවා. කොච්චර වද දුන්නත් මිනිහා රාජපක්ෂලාට කොන්ද නැමුවේ නැහැ. වෙන එකෙක් නම් දණ ගහගෙන මහාරජා ලඟට යන්නේ... ෆොන්සේකා කියන්නේ ඒවගේ අභීත මිනිසෙක්. කෙලින් කතාකරන පොරක්...
උදේට එකක් කියලා හවසට තව එකක් කියන මොහු හමුදාපති ධුරයෙහි හිටපු එකත් පුදුමයි...
ෆොන්සේකා ඇත්ත කිව්වම ගෝඨාටයි, රාජපක්ෂලටයි කඩේ යන අයට හරියට රිදිලා. ඇත්ත කතාව තමයි ෆොන්සේකාව ඔය තැනට ගේන්න පාර කැපුවේ රනිල් කියන එක. ෆොන්සේකා හමුදාපති කරන්න කලින් තමයි යුද්දෙ ඉවරකරනවා කිව්වේ... හමුදාපති වුණාට පස්සේ කිව්වේ මම තවත් හමුදාපති කෙනෙකුට යුද්දය බාරදීලා යන්නේ නෑ කියලා. ෆොන්සේකා යුද්ධ කරන්න අණ දෙන කොට මාධ්‍යවේදීන් මරන්න සහ යුද්දෙ ඉවරවෙලා සුදු කොඩි අරන් ආපු අය මරන්න අණ දුන්නේ කවුද කියලා ලෝකෙම දන්නවා. ඒ නිසා යුද අපරාධ චෝදනා එල්ල වෙන්නේ යුද්ධ කළාට නෙමේ, යුද්දේ වවාගෙන කාපු අයට. අන්තිමට ෆොන්සේකා හිරේ දැම්මම ෆොන්සේකා බේරාගන්න අත්සන් කරපු ලිපියට බයවෙලා එළියට දැම්මා. ඒ ගෞරවය අපිටත් එනවා.
මේ ඔක්කොමත් හරි, ඔය කට්ටිය එන්නෙම හංසයාගෙන් නේද? හංසයා අයිති ලිට්රෝ ගෑස් හිටපු සභාපති ශලීල මුණසිංහගේ පක්ෂයට නේද? ශලීල සහ මිතුරන් ඇමරිකාවේ බැංකුවක් ඉන්ටර්නෙට් එකෙන් බිඳින්න ගිහින් අහුවුණා නේද? ශාලීලව ලිට්රෝ එකට පත්කරේ යහපාලන ආණ්ඩුවෙන් නේද? එතකොට ශලීල බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පමණයි නේද? එහෙව් එකේ එයාට ජොබ් එක දුන්නේ හංසයාව ඔයාලට දෙන නිසාද? ඔය හංසයා හැමදාම පරදින්නේ ඇයි? හංසයාගෙන් (ලිට්රෝ එකෙන්) මාසික ගාස්තුව ගන්න දඹර අමිල හිමි ඔතන නැත්තේ ඇයි?
“නෑ නෑ ඒක කවදාවත්ම සිද්ද වෙන්නේ නෑ. මෙච්චර කාලයක් ඔය කථා අපි ඇහුවා. දැන් නම් කොහෙත්ම අපේ ගමන නවත්වන්න මොන ජගතටවත් බෑ. අපි මේ දැන්ම මාවිල්ආරුවට යනවා" යනුවෙන් එක හඬින්ම කියා සිටි ගොවිජනතාව නීලපොල හිමියන් සහ ඒ වනවිට එතනට වැඩමකර සිටි කල්ලාර් විහාරාධිපති ගණේගොඩ සරණකිත්ති හිමි සහ එම ප්‍රදේශයේ තවත් භික්ෂූන්වහන්සේලා දෙනමක්ද පෙරටු කොටගෙන ගමන් ඇරඹූහ. පණ බයේ ගැහෙන රතන හිමි “මෙතන තුන්හාරදාහක සෙනඟක් ඉන්නවා. මට පාලනය කරගන්න බෑ. ඒ ගොල්ලන් මාවිල්ආරුවට යනවා. මොකක් හරි කරන්න. “ රතන හිමි කීහ. හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් හොඳ පිළිතුරක් ලැබිණි. කොටින්ට විරුද්ධව මේ දැන්ම යුද්ධය පටන්ගන්නා බව ඔහු පොරොන්දු විය. එහෙත් සෙනඟ එතනම රැඳී සිටියා මිස ආපසු හැරුනේ නැත.
සර් වින්සන්ට් චර්චිල් කවදාවත් යුද පෙරමුණට නොගියත් ඔහු මිත්‍ර හමුදාවන්ට දුන් නායකත්වය නිසා දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට හමුදාවන්ට හැකිවිය. ෆොන්සේකා කියන හැටියට ගෝඨා තුවක්කුවක් අරගෙන යුදයට නොගිය බව ඇත්ත. මෙවැන්නන් ආරක්ෂක ඇමති කලොත් විරුද්ධවාදීන්ට පමණක් නොව මාධ්‍ය වලටත් දෙවියන්ගේ පිහිටයි.
මම රියදුරෙක් ගත්තාම මට යන්න ඕනේ තැන කියනවා මිසක් මම මිනිහාට අතරමග රියදුරු උපදෙස් දෙන්නේ නැත.
යන්න බමුණා. තමුන් යුද්දේ දන්නෙත් නෑ, දේශපාලනේ දන්නෙත් නෑ. දන්නේ කඩේ යන්න විතරයි.
ඔයාගේ ලොක්කෝ යුද්ධය යන වචනය තගනම් කරා. ඔයාටත් ඒක අදාලයි.
ඔයාල කියන ඒවා ගැන විශ්වාස කරන්න අමාරුයි.
හමුදාපති ෆොන්සේකාත්, මන්ත්‍රී ෆොන්සේකාත් දෙන්නෙක්. ජනාධිපති මහින්දත් විපක්ෂ නායක මහින්දත් දෙන්නෙක්
බමුණුආරච්චි ඔයාගේ සමාන කිරීම් අහසයි පොළොවයි වගේ. යුද්දේ මෙහෙවන එකයි කාර් එකක් එළවන එකයි එකවගේද පෙන්නේ?
මෙතෙක් දී තිබෙන කොමෙන්ට්ස් හොඳටම ඇති ෆොන්සේකා ගැන දැන ගන්නට. ඒ අතර කිහිප දෙනෙක් ඉන්නවා තණකොළ කන හරක්.
අර චන්දිම මහත්මයා කියනවා වගේ රුවන්වැලිය හදපු බාස්ලගේ නම් අහලකවත් නැහැ අන්තිමේ හැමෝම කියන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ සෑය කෙරෙව්වා කියලා. ඒවගේ තමයි මේ යුද්ධෙත්. හමුදාපති උනත් ඔහුත් වැටුපට හමුදාවට සේවය කළ නිලධාරියෙක්. නො එසේනම් සෙබලෙක්. ඔහුව එම තනතුරට පත්කොට යුද්ධයට මෙහෙයව්වෙ ඔහුවත්, ආරක්ෂක ලේකම්වත් නොවෙයි. රටේ සේනාධි නායකයා විසින්. ඔහු අණදුන් නිසයි යුද්ධ කළේ. එහෙම නැතිව කිසිම රටක හමුදාපති කෙනෙක් යුද්ධ ප්‍රකාශ කරන්නේවත්, සටනකට එළඹෙන්නේවත් නැහැ. සමහරවිට මෙතුමා අදාල තනතුරට පත්කරන්නත්, යුද්ධයේ මෙහෙයවීම ඔහුට භාරදෙන්නටත් ආරක්ෂක ලේකම් සේනාධි නායකයට උපදෙස් දෙන්නට ඇති. වෙන එකක් තබා යුද්ධය සඳහා යුද්ධ හමුදාව මෙහෙයවුයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයවත් නෙවෙයි. වැඩිම වුනොත් ඔහු ජනාධිපතිගේ නියෝග රැගත් ලිපියකට අත්සන යොදන්නට ඇති. කිසියම් ගෞරවයක් ලැබෙනවානම් ඒ එවකට ජනාධිපතිවූ සේනාධිනායකයාට විනා ඔහුගේ නියෝග වලට යටත්ව යුද්ධය කරගෙන ගිය අයෙකුට හෝ ඔහුගේ නියෝග රැගත් ලිපි වලට අත්සන තැබුවන්ට නොවෙයි. නමුත් ඒ සේනාධිනායකයා මැතිවරණ තරඟයට එක්වී නැහැ.
මෙයාට රාජිත 2010 දී කිව්ව කතාව හරිටම හරි. "අම්බලන්ගොඩ රූකඩ වලට ප්‍රසිද්ධ නිසා, මේ සැරේ නියම බඩුවක් අම්බලන්ගොඩින් සොයාගෙන තියෙනවා. මෙයා එදා ඉදලම කළේ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් බොරු අවලාද කරපු එක. අවිස්සාවේල්ලේදී කරපු සුදුකොඩි කතාවෙන් අපේ රටට වුනු හානිය සුළුපටු එකක් නෙමෙයි. ඒකෙන් තමා අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව චෝදනා ගෙනාවේ. මෙයා හරියට ගුත්තිල මුසිල එකේ මුසිල වගේ.
අයියයි මල්ලියි රට පුරා අඩබෙර ගසමින්, පොළොව ඉඹිමින්, පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන්නට බුද්ධිමත් ජනයා හොදින් දන්නවා යුද්ධය නිමා කිරීමට සෘජුවම කටයුතු කළේ සරත් පොන්සේකා මැතිදුන් බව.
නාවික හා ගුවන් සෑහෙන්න කාර්ය භාරයක් ඉටු කරා පාබල හමුදාවට ඉදිරියට යන්න. මේ ගැන ඔබතුමාට වැටහීමක් නැද්ද? නමුත් මේ රටේ ඉන්න උගත් ජනතාවට වැටහෙනවා ඇත.
එක්ව කළ යුද්ධයකට තනි තනිව අයිතිවාසිකම් කීමට යාමේ බාල බොළදකම දැකිය හැකිය. සමාජය ඉල්ලන දෙය දේශපාලන නායකයින් වදාරමින් සිටී. මාධ්‍ය නිදහස ලැබීමෙන් පසු තොරතුරු හුවමාරු උවත් එතෙක් කල් එකම ආරකට සිතන්නට පුරුදු වූ අය සිතිය යුතුව ඇත්තේ දැනට වඩාත්ම වැදගත් කුමක්ද යන්නය.
ඒ අවුරැදු දෙකේම වැස්ස කාලෙදි මගේ Division එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම නැවැත්තුවේ එක දවසයි. කොල්ලෝ ගහගෙන යන තරමට වහිනවා. බිමට වැටෙන හැම වතුර බිඳුවක් පාසා අපේ කොල්ලෝ තෙමෙනවා, මගෙන් බිරිද කතා කරලා අහනවා ඔයාට ඉන්න බංගලාවක් තියෙනවා නේද කියලා, අපිට ඒව තිබ්බේ නෑ, අපිත් තෙමෙනවා, කොල්ලොත් තෙමෙනවා ! වැස්ස පෑව්වත් ඇඟේ උෂ්ණත්වෙට ඇඳුම වේලෙනකන් අපි ක්‍රියාන්විත කරනවා. ඕක මම කිව්වා ආරක්ෂක ලේකම්ට. මට කිව්වා " ඉන්න මම බලන්නම් මේකට මොකක්ද කරන්නනේ කියලා " පැය 48ක් ඇතුවලත මට එව්වා බහාලුම් ගොඩක්. ඒවට හීටර් හයි කරලා, නිල ඇඳුම් වේලන අලුත් ක්‍රමයක් හදලා. ඒ මේ රටේ ආරක්ෂක ලේකම්, සොල්දාදුවා ගැන හිතලා කරේ කොයි තරම් වටින නව නිපයුමක්ද? ' මට ගිහින් කොල්ලන්ට කියන්න පුලුවන් වුනා " බලන්න රටේ ආරක්ෂක ලේකම් ඔබලා වෙනුවෙන් මේ දේ කරල තියෙනවා කියලා. අපි මෙතනින් එහාට යනවද නැද්ද කියලා " මම මීටර් 100ක් ඉස්සරහට යමු කිව්වම, කොල්ලෝ මීටර් 200ක් ගියා ! චිත්ත ධෛර්‍ය එක්ක අපි යුද්ධේ දින්නේ ඔහොමයි. ආරක්ෂක ලේකම් කතා කර කර කිව්වේ නෑ අද මෙතනට ගහන්න, හෙට අතනට ගහන්න කියලා, ඔහු හැමවෙලාවෙම හිතුවේ සෙබලගේ චිත්ත ධෛර්‍ය ගැන විතරයි.