දහවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද දහවල් 12 වන විට සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් පැවති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 16 November 2019
ඡන්දය සළකුණු කොට ඡයාරූපගත කරලා දොඩන්දූව රෝහණ විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර එය සිය ජංගම දුරකතනයෙන් ඡයාරූපගත ගත කළ නාවික හමුදා සෙබලෙකු අද (16) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 16 November 2019
ඡන්ද පොළට ගිය නිරීක්ෂක හෘදයාබාදයකින් මරුට හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය පුද්ගලයකු හෘදයාබාදයක් නිසා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. 16 November 2019
ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් පත්‍රිකාවක් පෙට්ටියට දැමූ අයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම රයිගම පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයෙක් ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් පත්‍රිකාවක් ඡන්ද පෙට්ටියට දැමීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා එය දැක පොලිසියට දැනුම් දී තිබේ. 16 November 2019
අත්පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවකු බලංගොඩදී අත්අඩංගුවට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක්තරා දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල තබාගෙන සිටි බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය කියයි. 16 November 2019
හොර ඡන්ද පත්‍රිකා 25ක් සමඟ වැල්ලවදී දෙදෙනකු අත්අඩංගුවට වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල යතුරුපැදියක සඟවා සිටි ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් සමඟ දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 November 2019
ජනාධිපතිවරයා සිය ඡන්දය භාවිතා කළ අයුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය. 16 November 2019
ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ ලිඳුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය. 16 November 2019
තන්තිරිමලේදී ලංගම බස්රථයකට වෙඩි තබුවැයි පැමිණිල්ලක් පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට පුද්ගලයින් ප්රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 16 November 2019
විපක්ෂනායක මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය. 16 November 2019
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය. 16 November 2019
ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන හා අත්‍යාවශ්‍ය ගමන් මළු ආදිය රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි. 15 November 2019
ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් වලින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 15 November 2019
අකුරුගෙදර ගම්වැසියන්ට ඡන්දය දාන්න යන්න බස් රථ ගාල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මිල්ලව, අකුරුගෙදර ගම්මානයේ වැසියන්ට ඡන්ද මධ්‍යස්ථානය ඇති දුර වන කිලෝ මීටර් 50 පැමිණීම සඳහා බස් රථ යොදන්නැයි පැෆරල් සංවිධානය කළ ඉල්ලීමට අනුව මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වී බස් රථ යොදවා ඇත. 15 November 2019
ගලහ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ගම්පොල ඡන්ද කොට්ඨාසයේ, ගලහ, ගුරුකැලේවත්තේ, මිල්ලව වතුයායට පැමිණි පිරිසක් එම වතුයායේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ගසා ඡන්දය දීමට නොයන්නැයි තර්ජනය කර ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත. 15 November 2019
අකුරැස්ස ප්‍රා.සබේ හිටපු සභාපතිගේ නඩු තීන්දුව ජනවාරි 9 වැනිදා බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(15) තීන්දු කළේය. 15 November 2019
ගෝඨාභයට අපහාස වන අත්පත්‍රිකා බෙදූ දෙදෙනාට ඇප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අත්පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන පුද්ගලයින් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා අද (15) නියෝග කළේය. 15 November 2019
‘ඉතිහාසයේ පළමු වරට සාධාරණ මැතිවරණය පැවැත්වෙනවා’ මෙවර ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 15 November 2019
පාන් මිල වැඩි කිරිම නවතී වැඩි කළ තිරිඟුපිටි මිල අද (15) දහවල් සිට ඉවත් කර ගැනීමට ප්‍රීමා සමාගම පියවර ගැනීම හේතුවෙන් පාන් මිල වැඩි කිරිමට ගෙන තිබූ තීරණය ඉවත් කර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 15 November 2019
පිටි මිල වැඩිකිරීම නීති විරෝධීයි තිරිඟු පිටි මිල වැඩිකිරීමට ප්‍රීමා සමාගමට කිසිදු බලයක් නැති බවත් මෙම මිල වැඩිකිරීම නීති විරෝධී බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියයි. 15 November 2019
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ රියදුරෙක් අල්ලයි ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී අද(15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 15 November 2019
මැතිවරණ රාජකාරියට ගිය 50 ක් ආහාර විසවීමෙන් රෝහලේ කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත නිලධාරීන් 50 දෙනෙකු ආහාර විස වීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 15 November 2019
ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම සොයන්න නිරීක්ෂණ කණ්ඩායමක් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ඉන් පසු කාලයේදී සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් පස් දෙනකු යොදා ඇතැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 15 November 2019
‘ඡන්දය ප්‍රකාශකරන්න වතුකම්කරුවන්ට උදේවරුවේ නිවාඩුදෙන්න’ වතු කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උදෑසන නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය වතුහිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. 15 November 2019
පාන් මිල අද මැදියම් රෑ සිට ඉහළට අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 15 November 2019
අල්ලස් චෝදනාවකට සුරාබදු නියාමක ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඊට අනුබල දුන්නැයි කියන බත්තරමුල්ල සුරාබදු ඒකකයේ සුරාබදු නියාමක හේමන්ත කරුණාතිලක මහතා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 15 November 2019
මැතිවරණ කොමිසමේ සභාපතිට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු යාපනය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2019
අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි අද මධ්‍යම රාත්‍රී සිට අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුකිරිමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. 15 November 2019
ප්‍රීමා තිරිගු පිටි මිල ඉහළට ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රීමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. 15 November 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026