IMG-LOGO

සතොස ගබඩා සහයකවරයකු වැඩි මිලට භාණ්ඩ විකුණා අත්අඩංගුවට

(මහින්ද නිශ්ශංක)

මාතර තිහගොඩ, ගල්බඩ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන ලංකා සතොස ගබඩා සහයකවරයකු සතොසින් ගෙන්වූ  සැමන් සහ පරිප්පු, පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමේදී පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම ගබඩා සහයකවරයා රාත්‍රී කාලයේදී සතොසින් පරිප්පු සහ සැමන් පන්නන බවට ලැබුණු තොරතුරු මත අද මෙම වැටලීම කර තිබිණි.
 
ඒ අනුව, ඔහුගේ නිවසේ සහ වෙළඳසැලේ තිබී, ග්‍රෑම් 425 ප්‍රමාණයේ සැමන් ටින් 350ක්ද, පරිප්පු කිලෝ 100ක්ද අධිකාරිය සිය බාරයට ගෙන ඇත.
 
පාලන මිල රුපියල් 60ක් වන පරිප්පු කිලෝව රුපියල් 150 සහ රුපියල් 160 වශයෙන්ද, රුපියල් 100ක් වන ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 220කටද මොහු වෙළඳසැලෙහි අලෙවි කර ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි නිලධාරීහු පවසති.
 
මොහුට විරුද්ධව මාතර අධිකරණයේ නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන තිබේ.



අදහස් (7)

සතොස ගබඩා සහයකවරයකු වැඩි මිලට භාණ්ඩ විකුණා අත්අඩංගුවට

Raveendra Monday, 06 April 2020 01:04 PM

මිනිසුන් අපහසුවට වැටි තිබෙන මෙවන් අවදානම් අවස්ථාවක තමාගේ මඩිය තරකර ගැනුමට ක්‍රියා කල මොවුන්ට වැහි නැති හෙන වැදී " සදාකල් දුක්විදීමට "ලැබේවා !!! මෙම මුහුණ මහජනතාවට දැක ගැනුමට ප්‍රචාරය කිරීමට අදාළ නිලධාරින් ක්‍රියා කරන්නේ නම් එය අප අගය කොට සලකන්නෙමු.

:       0       0

ලාලනී Monday, 06 April 2020 01:50 PM

තියන්න වටින්නෙ නෑ.

:       0       0

Rohana Walianda Monday, 06 April 2020 02:24 PM

චන්දෙට දිනය දුන්නම , නඩු නෑ ....

:       0       0

gulla Monday, 06 April 2020 03:07 PM

උඩ ඉන්න ලොක්කො නැව්,කන්ටේනර් පිටින් ගහන කොට මෙයාලත් පෙට්ටියක් දෙකක් ගෝනියක් ගහගන්න එක පුදුමයක් නෙමෙයි. අපි බඩගින්නෙ ඉන්නම්... ඔයාල කොරෝනා වලින් හරි ගොඩ යන්න.. ආයෙ ඡන්දයක් එද්දි එලියට ඇවිත් විරිත්තන් ඇවිත් අපිව රවට්ටන්න පරිස්සමෙන් ඉන්න..

:       0       1

wije Monday, 06 April 2020 04:27 PM

රටේ මෙච්චර විනාසයක් වෙලා මිනිස්සු දහදුක් විදිද්දී මේ තිරිසන්නු අහිංසක මිනිස්සුන්ගේ රීරි මාන්සේ හුරගන්න හදනවා. වැහි නැති හෙන ගහන්න ඕනේ ....

:       0       45

de silva Monday, 06 April 2020 06:01 PM

ජනපතිතුමනි, ඔබතුමා අපට දුන්න සහන වලින් ප්‍රයෝජන ගත්තේ සතොස සේවකයෝ , මොහු පමණක් නොව රටපුර තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. මතක හිටින්න හොඳ පාඩමක් උගන්වන්න.

:       0       68

de silva Tuesday, 07 April 2020 10:58 AM

මිනිස්සු අවධානම් ලෙස සතොස පෝලිම් වල ඉන්නේ... මේවා ගන්න අන්තිමට හිස් අතින් හැරිලා යනවා , කරුණාකර ඇදිරිනීතිය තිබෙන කාලයේ ජංගම රථවලින් මේවා ගෙවල් අසලටම ගෙනත් බෙදන්න හමුදා අධික්ෂණය යටතේ...., මිනිස්සුන්ට දැන් හමුදාව ඇරෙන්න වෙන් එක රජයේ ආයතනයක් ගැනවත් විශ්වාසයක් නැහැ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 508 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site