IMG-LOGO

නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති

(  එච්. චන්දන )

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් අද( 06)  සිට නැවත දැනුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.
 
හලාවත - ඉරණවිල සිට කරුකුපනේ දක්වා ඇති ධීවර සංවිධාන 10 ක් විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙම මුහුදු තීරයේ එක් දින යාත්‍රා 1200 ක් පමණ 06 වැනිදා සිට මුහුදු යාමෙන් වැළකී ඇත.
 
වර්තමානයේ රටේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා රජය කරගෙන යන වැඩ පිළිවෙලට සහාය ලබා දීමට තමන් තීරණය කළ බවත්,පිටස්තර පැමිනෙන පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාධනය වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රියා මාර්ගයට අවතීරණ වූ බවද හලාවත ධීවරයින් සදහන් කරයි.

ධීවරයින් විසින් ස්වෙච්ඡාවෙන් ගෙන ඇති තීරණය ඉතා යහපත් එකක් වුවත්, එම තත්ත්වය නිස ආර්ථික වශයෙන් කඩා වැටෙන ධීවරයින්ව රැක ගැනීම සදහා රජය විසින් යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්,ඒ සදහා තම සහාය ලබා දෙන බවත් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය සදහන් කරයි.

කෙසේ වෙතත් 06 වැනිදා පරවරුවේ හලාවත පොදු මාළු අලවි සැළට මාළු සුළු ප්‍රමාණයක් ලැබී තිබුණි.දින කීපයකට පෙර මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් තිබූ බහු දින යාත්‍රා සහ පිටස්තර ප්‍රදේශ වලින් ගෙනවිත් තිබූ මාළු අලවි කිරීම සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් හලාවත පොදු මාළු අලවි සැළ තුළ තොග අලවිය පමණක් සිදු කරන ලෙස පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.
 


 
 

 



අදහස් (1)

නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති

Walter White Monday, 06 April 2020 12:42 PM

අමන තීන්දුවක්, කවුද මේවට උපදෙස් දෙන්නේ? මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ, ඇයි මෙහෙම දේවල් කරන්නේ? මාළු වෙළෙන්දන්ට ඇඳිරි නීතිය තිබුනත් වෙළෙඳාමේ යන්න බාධාවක් නැහැ... මූදු ගියා කියල කොරෝනා හැදෙන්නේ කොහොමද? අවදානම ඉතා අඩුයි. අපේ නගර සභාවේ කුණු ලොරියේ සේවකයෝ මීට වඩා දාස් වාරයක් ශ්‍රේෂ්ඨයි, සාමාන්‍ය දවසකත් අමාරුම අවදානම්ම රක්ෂාවක් ව තිබියදීත් තවමත් රාජකාරිය හරියටම කරනවා,

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site