චම්පික තනතුරු අතහරී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 18 November 2019
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය. 18 November 2019
රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි. 18 November 2019
විග්නේශ්වරන්ගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර සිටී. 18 November 2019
හංසයාගේ කටුනායක පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්:6ක් අත්අඩංගුවට කටුනායක පොලිස් බල ප්‍රදේශයේ වල්පොල, අඩිඅම්බලම නිවසක පවත්වාගෙන ගිය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයකට පහර දී ඇතැයි කටුනායක පොලීසිය කියයි. 18 November 2019
අගමැති ඇතුළු පක්ෂ නායකයන්ට ගෝඨාභයගෙන් ආරාධනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ. 18 November 2019
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට බදුල්ල වේවැල්හින්න මහ වංගුව ප්‍රදේශයේදි මෝටර් රථයක් ප්‍රපාතයට පෙරැළී පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2019
ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය. 17 November 2019
ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම් ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. 17 November 2019
‘‘පාර්ලිමේන්තු මැතිවරණය ගැන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරනවා‘‘ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 November 2019
රුවන් විජයවර්ධන ධූරයෙන් ඉවත්වෙයි ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 17 November 2019
කරුණාරත්න පරණවිතාන තනතුරෙන් ඉවත්වෙයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 17 November 2019
පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරු ද අද (17) සුබ පැතූහ. 17 November 2019
මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 17 November 2019
මෝදි හමුවන බව ගෝඨාභය කියයි නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 17 November 2019
‘ජනපතිවරණයෙන් ජයනොගත්තත් ඉදිරියටත් වගකීම ඉටුකරනවා’ ජනපතිවරණයට තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයගෙන නොතිබුණද, රටත් ජනතාවත් වෙනුවෙන් නොසැලී ඉදිරියටත් සිය වගකීම හා යුතුකම මදකුදු අඩුනොකර ඉටුකරන බවද ජාතික ජනබලවේගය අද(17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 17 November 2019
‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’ අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 November 2019
ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභපතන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරයි. 17 November 2019
මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 17 November 2019
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. 17 November 2019
පාන් මිල රුපියල් 5 කින් ඉහළට තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 17 November 2019
‘දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’ දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමගින් සෙල්ලම් කළ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේග වලට මෙවර ජනපතිවරණයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පවසයි. 17 November 2019
‘ආරක්ෂිත රටක් ගොඩනගන්න ගෝඨාභය කටයුතු කරාවි’ සියලුම දෙනාට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි ආරක්ෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සඳහා සියලුම දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාකය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පැවැසීය. 17 November 2019
අජිත් පී පෙරේරාත් ඉල්ලා අස්වෙයි ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. 17 November 2019
මංගලත් ඇමැතිකම දමා යන්න යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. 17 November 2019
දිවුරුම් දීම හෙට අනුරාධපුරයේ ජයග්‍රහණය කිරිමට ආසන්නව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) උදෑසන අනුරාධපූර නගරයේ දී දිවුරුම් දීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි. 17 November 2019
මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම් 2019 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරා ආසන්න වෙමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් පිරිනමමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. 17 November 2019
හරීන් ඇමැති තනතුරු අතහැර යයි මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (17 වැනිදා) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි. 17 November 2019
බණ්ඩාර කොස්වත්තේ සිද්ධිය මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් නොවේ වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වෙළඳසැළකට පහරදුන්නැයි කියන සිද්ධිය, මැතිවරණයට අදාළ නොවන පෞද්ගලික ආරවුලක් යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 17 November 2019
සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් වෙයි 2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 17 November 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026