ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් 1500කට ආසන්න පිරිසකට ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බවත්, යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි ලෙස පියවරක් ගන්නා ලෙසත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.