විදේශ මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හතලිස් නව ලක්ෂ දහසය දහස් අටසිය දොළහක් 1,49,16,812 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.