කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 109 ක් බවට පත්ව තිබේ.
වයිරසය ආසාදනය වී ඇති මුළු සංඛ්‍යාව 4,067 කි.
ඉන් පුද්ගලයින් 295 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.
වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් 690 දෙනෙකු සහ මරණ 45 ක් වාර්තා වී ඇත.
ආසාදිතයින් 571 දෙනෙකු වාර්තා වන තමිල් නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව පහකි.
දිල්ලි ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 503 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලයින් 7 දෙනෙකු මරණයට පත් වී ඇත.
තෙළඟනා ප්‍රාන්තයෙන්ද මරණ 7 ක් වාර්තා වන අතර එම ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 321 දෙනෙකු වාර්තා වේ.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයින් 11 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිතයින් 122 දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වේ.
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
-226-
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි
දසුන් Monday, 06 April 2020 05:39 AM
ඊළග කේන්ද්‍රස්තානය දකුණු ආසියාවද?