ලෝක උරුම අනුරාධපුරය විනාශ මුඛයේ
පුරාවිද්‍යාත්මක, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අනුරාධපුර නගර සීමාව තුල මෑත කාලයේ අවිධිමත් අත්පත් කරගැනීම් හා ඉදිකිරීම් සීඝ්‍රයන් වර්ධනය වී ඇති නිසා නගරයේ එම වටිනාකම ක්‍රමයෙන් බිඳවැටෙමින් පවතින බවත්, එම බලපෑම තුළින් නගරවාසීන්ගේ ජනජීවිතයට හා යහ පැවැත්මට හානිදායක තත්ත්වයක් උදාවී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.