IMG-LOGO

අකුරණ 144 ක් පූනානි නීරෝධායන මධ්‍යස්ථානයට යවති

( මොහොමඩ් ආසික්)

අකුරණ ප්‍රදේශයෙන් හමුවු නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන්  සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු  අද (5)පූනානි නීරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා  යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පොලීසිය  ප්‍රාදේශිය  ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශවල සහාය ඇතිව මෙම පිරිස් නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ තිබේ.

මෙම නීරෝධායනයට යොමු කළ පිරිස් අකුරණ ප්‍රාදේශීය  ලේකම් කොටාඨාසයේ  වසම් කිහිපයකම පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.

මෙම ප්‍රදේශයෙන් මේ වන විට වයිරසය ආසාදිත රෝගීන් හය දෙනෙකුම හමු වී ඇති බැවින් දැඩි අවදානම් තත්වයක් බවතින් බවත් ප්‍රදේශයේ ජනතාව මොවුන් සමඟ  කුමන හෝ ආකාරයක සබඳතා පැවැත්වූ පුද්ගලයින් වෙත් නම් දන්වන ලෙසත් සෞඛ්‍ය අංශ  ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (1)

අකුරණ 144 ක් පූනානි නීරෝධායන මධ්‍යස්ථානයට යවති

de silva Sunday, 05 April 2020 05:21 AM

එක් අයකු කල මෝඩ වැඩක් නිසා අද ගම් 7 දුක් විදිනවා , මේ නිරෝධන කටයුතු සදහා රජයට ලක්ෂ 50 වැඩිය වියදමක් දරන්න වෙනවා ,

:       26       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 308 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 488 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site