IMG-LOGO

නිවසින් බැහැරට යන ඇමෙරිකානුවන්ට මුහුණු ආවරණ පළදින්නැයි ඉල්ලයි

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසින් බැහැරට යන අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරිහු එරට ජනතාවට නිර්දේශ කර ඇත.

නිවසින් බැහැරට යන අවස්ථාවලදී  විශේෂයෙන්ම තවත් පුද්ගලයන් මුණගැසෙන හා පිරිස් සිටින අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින ලෙස හෝ මුහුණු ආවරණය කරගන්නා ලෙස හෝ ඇමෙරිකානු  සෞඛ්‍ය බලධාරිහු උපදෙස් දී ඇත.

මෙම උපදෙස් දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයයි.

කෙසේ නමුත් තමන් මුඛ ආවරණ පළඳින්නේ නැතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 

"මම නං එහෙම කරන්නේ නෑ. තමන් කැමැති නං විතරක් කරන්න පුළුවන් " යැයි ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා එසේ කීවද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් ජනතාවට අවධාරණය කළාය.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ආරක්ෂක නිෂ්පාදන පනතේ විධිවිධාන අනුව එන්95 මුඛ ආවරණ සහ සායනික අත්වැසුම් අපනයනය නවතා ඒවා රඳවා තබාගන්නැයිද  නියෝග කර ඇත.

අල්ජසීරා/ද ගාඩියන්
ඡායාරූපය ; ඒ.පී.

055



අදහස් (4)

නිවසින් බැහැරට යන ඇමෙරිකානුවන්ට මුහුණු ආවරණ පළදින්නැයි ඉල්ලයි

wije Sunday, 05 April 2020 09:43 AM

ඇයි අපනයනය නවත්වන්නේ මුළු ලෝකෙටම ගහන්න බෝම්බ තිබුනාට මිසයිල තිබුනාට තමන්ගේ රටේ ජනතාවට ඇතිවෙන්න තරමටවත් මුහුණු ආවරණ නැත්ද?

:       0       0

Anura Sunday, 05 April 2020 11:02 AM

මුහුණු ආවරණ මීට මාසෙකට කලින් අපි ගෙන යද්දී ඇමරිකානුවෝ හිනා වුනා.

:       0       0

jayath Sunday, 05 April 2020 11:22 AM

මේ හාදයාගේ මේ උද්ද්ද්ච්චකම හින්ද පීඩා විඳින්නේ ඇමෙරිකානු ජනතාව

:       0       0

Kumar Sunday, 05 April 2020 04:52 PM

ට්‍රුම්ප් හැරුනවිට වෙන කවුරුවත් මුක ආවරණ පාවිචි කරන්න එපා කිව්වේ නැහැ. ඊයෙත් ට්‍රුම්ප් කිව්වේ ඒකා මුක ආවරණ පලදින්නේ නැති වගයි. ලෙඩුන්ට සත්කාර කරන අය පළදින ආවරණ පාවිච්චි නොකර රෙදිවල සාදාගත් ආවරණ පාවිච්චි කරන්න කියලයි. ප්‍රාන්ත ආණ්ඩුකාරයින්ගේ ඉල්ලීම පරිදි සාමාන්‍ය වැසියෝ තමා ළඟ තිබුන මුක ආවරණ කෝටිගනනක් රෝගීන්ට සත්කාර කරන ආරෝග්‍ය ශාලාවලට ගෙනවිත්දී තිබෙනවා. අන්ධකාර නීතියක් නොතිබුනත් රජයේ ඉල්ලීම පරිදි අන් අයගේ යහපත වෙනුවෙන් නිවෙස්වලම රැඳී සිටිනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 303 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 484 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site