IMG-LOGO

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රට තුළ හදිසි නීතියප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට පුවත් සේවා අද (6) වාර්තා කළේය.

ඒ අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඊයේ (7) හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ඇතැයි ජපානයේ යොමියුරි පුවත්පත වාර්තා කර තිබිණි.

ජපාන අග්‍රාමාත්‍යවරයා ඊට අදාළ සැලසුම් අද (6) ප්‍රකාශයට පත් කළේය. ජපානයේ හදිසි නීතිය හා එය ප්‍රකාශයට පත් කිරීමට අදාළ නීති ඉකුත් මාර්තු මාසයේදී සංශෝධනය කරන ලදි. ඒ අනුව කොරෝනා වයිරසය රටට සහ රටේ ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළහොත්, වේගයෙන් පැතිර යෑමේ අවදානමක් ඇති වුවහොත් සහ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළහොත් යන කරුණු සැලකිල්ලට ගනිමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාට බලය ලබාදෙන ලදි. කොරෝනා වයිරසය හේතුවෙන් ජපාන ආර්ථිකයේ පසුබැසීමක් ඇති වීමේ අවදානමක් දැනටමත් ඇති වී ඇත.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ආණ්ඩුකාරවරුන්ට, ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කිරීමට ඉඩ සැලසෙන අතර කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද බලය යෑමේ. ජපානයේ සංශෝධිත හදිසි නීතිය අනෙක් රටවල ‘ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාවලියට සමාන යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජපානයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (6) පස්වරු වනවිට 3,654ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 85ක් විය.

ද ගාඩියන්/ රොයිටර්

055 



අදහස් (0)

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site