රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන සඳහා දිනයක්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පළමු වැනි චෝදනා පත්‍රයට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම මැයි මස 29 වැනිදා තෙක් කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට වෙනත් කරුණකට රිමාන්ඩ් භාරයේ පසුවන වගඋත්තරකාර රංජන් රාමනායක මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.