රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ-නීතීපති පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය. 23 October 2019
ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම ගැන ටීඑන්ඒ තීරණය කල්යයි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) වැනිදා තීරණය කර තිබේ. 23 October 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ ජනපති කොමිෂන් සභාවට අතිරේක බලතල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. 23 October 2019
හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය. 23 October 2019
ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූදානම් වන බවත් ශ්‍රීලනිප ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 October 2019
ජොන්ස්ටන්ගේ පෙත්සමත් නොවැ 27 දාට තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඉවත දැමීමට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම නොවැම්බර් 27 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය. 23 October 2019
සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වසන්ත සේනානායක ඉවත්වෙයි එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය. 23 October 2019
ලන්ඩන් නුවරට ආ කන්ටේනරයක මළ සිරුරු 39ක් බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර බලා ධාවනය වූ කන්ටේනර් රථයක තිබී මළ සිරුරු 39ක් හමු වී ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය කියයි. 23 October 2019
තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය. 23 October 2019
ස්විස් සරණාගත කාර්යාලය අසළ අයෙක් ගිනි තබාගනී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇතැයි වාර්තා වේ. 23 October 2019
තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කරයි ‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘ යන මැයෙන් 2019.10.10 දිනැති ලංකාදීප අන්තර්ජාලයේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ හා සැපයුම් දාමය) මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා කරුණු පැහැදිලි කර සිටී. 23 October 2019
අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පැය එකහමාරකට ආසන්න කාලයක් දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගියේය. 23 October 2019
හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය. 23 October 2019
රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී ඒ.ආර්.අබ්දූල් හුසෙන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ. 23 October 2019
බාලවයස්කාර දැරියට අතවර කළ දෙදෙනෙක් අත්අඩංගුවට දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක වසර තුනත් තිස්සේ අපයෝජනය කළ රෝද පුටුවක සිටින ආබාධිත පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. 23 October 2019
පූජිත් - හේමසිරි තවදුරටත් රිමාන්ඩ් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය. 23 October 2019
කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 October 2019
පුද්ගල ඝාතනයකට 10ක් අත්අඩංගුවට පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද(23) ප්‍රධාන සැකකරු ඇතුළු දසදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 23 October 2019
රටේ ත්‍රස්ත අවදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාරය බොරුවක් රටේ යළිත් ත්‍රස්ත අවදානමක් මතුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 23 October 2019
මීනගයා දුම්රියේ මැදිරි පීලි ගත කරයි කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් අනතුරට පත් මීනගයා දුම්රියේ මැදිරි රැසක් මේ වනවිට පීලි ගත කර තිබෙන අතර එම කටයුතු අද (22) රාත්‍රියේදීත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය. 22 October 2019
ජනාධිපතිවරණය තෙක් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවයි ජනාධිපති මැතිවරණය අවසන් වනතෙක් සියලුම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවා ඇති බව ජාතික පොලිස් කොමිසම කියයි. 22 October 2019
මුන්දලමේ ජලයෙන් යට වූ ගම්මාන 20 ක් බේරගන්න උඩප්පුව මෝය කපා දමයි මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලයෙන් යටවී තිබූ ගම්මාන රැසක් බේරා ගැනීමට උඩප්පුව මෝය කට අද (22) සවස කපා දැමූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 22 October 2019
අගමැති හෙට ජනපති කොමිසමට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්කි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි. 22 October 2019
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම 3 වැනිදා මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීම ලබන මස 3 වැනිදා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2019
මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අනිද්දා ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අනිද්දා (24) පස්වරු 5.00 ට එළිදැක්වීමට නියමිතය. 22 October 2019
ලංකාවේ සංචාරය නොකරන්නැයි අරාබි වැසියන්ට අනතුරු අඟවයි අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් එරට වැසියන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. 22 October 2019
තැපැල් ඡන්දයට රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී මෙවර රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි පනවා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. 22 October 2019
ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක් බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. 22 October 2019
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු අද (22) නිල වශයෙන් ආරම්භ කළේය. 22 October 2019
අගලවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට අගලවත්ත ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අද (22) සැකපිට තැන්නහේන ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 22 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026