‘‘කළුතර ජනතාවගෙන් ජල බිල්පත් අයකරගැනීම නවතා දැමිය යුතුයි‘‘
කළුතර, බේරුවල සහ වාද්දුව ජනතාව වසරකට දෙවතාවක් මුහුණ දෙන ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන්ගෙන් ජල බිල්පත් අයකර ගැනීම නවත්වා දැමිය යුතු බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.