(ඩී.ජී.සුගතපාල)
තමාගේ ශ්‍රී ලාංකික පෙම්වතිය සමග මිතුරු වී හෝටලයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුට පහරදීම සම්බන්ධයෙන් වරද පිළිගත් එංගලන්ත ජාතිකයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් දහසක දඩයක් ද පැමිණිලිකරුට රුපියල් 20,000ක වන්දියක්ද ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.
සිර දඬුවම වසර පහකට අත්හිටවු මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළේය.
දඩය නොගෙවන්නේ නම් තවත් එක් මාසයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද විත්තිකරුට නියමවිය.
මෙසේ දඩුවම් නියම වුයේ එංගලන්ත ජාතික ඩැනියල් ජෝර්ජ් ලෝව්ස් (Daniel George Lomas.)නමැති විත්තිකරුවෙකුටය.
විත්තිකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිංහල තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එසේ සිටියදි පැමිණිලිකරු වන (Luna Montolli)ඉතාලි ජාතික ලූනා මොන්ටෝලි නමැති අය සමග එම තරුණිය සම්බන්ධයක් ඇතිකර ගෙන මාර්තු 8වන දින උණවටුනේ හෝටලයකට පැමිණ මත්පැන් පානය කරමින් සිටියදි ඇයගේ පෙම්වතා වූ විත්තිකරුද එයට යාබද මේසයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් පසුව ඇතිවු ආරවුලකදි විත්තිකරු පැමිණ පැමිණිලිකරුට පහරදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.
හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමල් මහතා පැමිණිල්ල මෙහෙයවු අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ දසුන් තරංග මාවඩවිල මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම වූණු පිරිමින්ගේ හේතුවේ මුලටම ගියොත් කාන්තාවකගේ හේතුවක්...
සංචාරක ව්‍යාපාරය තුළ මේ රටේ කාන්තාව විදේශිකයින්ට මුදලට විකිණෙනවා. මෙය තමයි මේවායේ තියෙන පිරිසිදු සත්‍යය. තව බොහෝ සත්‍ය දේ තියෙනවා සැඟවිලා තියෙන.. අපට තියෙන ගැටලුව එය නොවේ. මේ රටේ මිනිසුන්ට තහනම් ගණිකා ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරයට හා විදේශිකයන්ට තහනම් නැහැ.. සල්ලි.. සල්ලිවලට ඕනෑම දහජරා වැඩ මෙහි කෙරෙනවා.. " කන්න දෙනවා නම්.. අපට බොන්ඩ දෙනවා නම්.. මොන කෙන්ගෙඩියද තව ඕනෑ කරන්නේ.."
මම මේ වෙනකල් හිතාගෙන හිටියේ ගෑණු බේරගන්න ගහගන්නේ ලංකාවේ අය විතරයි කියලා... බැලුවාම සුද්දොත් එහෙමනේ..