වෙරළ සංරක්ෂණ නිලධාරියකුට පහර දුන්නැයි හික්කඩුවේ උද්ඝෝෂණයක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිතව සේවය කරන වෙරළ සංරක්ෂණ නිලධාරියකුට මැර ප්‍රහාරයක් එල්ල කළැයි කියන පුද්ගලයකු වහාම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අද (21 ) හික්කඩුව උද්ඝෝෂණයක් ඇරඹිණි. 20 February 2020
රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තුවට කල්යයි ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් මහතා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 February 2020
තාජුඩීන් ඝාතන සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය. 20 February 2020
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා ආසාධිත දෙදෙනෙක් මිය යති නිරෝධායනය කරන ලද ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි කොරෝනා වෛරස ආසාදිත මගීන් දෙදෙනකු මියගොස් තිබේ. 20 February 2020
වරෙන්තුවක් නැතිව පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක් මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය 20 February 2020
දුම්රිය දෙපාර්තමේන්තුවේ 1490 ක් ස්ථිර කරයි වසර පහකට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ අනියම්, ආදේශක, තාවකාලික, කොන්ත්‍රාත් සේවකයන් 1490 දෙනෙකු ස්ථිර කිරිමට රජය තීරණය කර තිබේ. 20 February 2020
පිලපිටියගේ පෙත්සම සළකා බැලීම ඇරඹෙයි තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම අද (20) පෙරවරු 11.15ට ආරම්භ විය. 20 February 2020
සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 20 February 2020
බේකරි හිමියන් රැසක් රජයෙන් දුන් බදු සහන පාරිභෝගිකයන්ට දීලා නව රජයෙන් කළ බදු සංශෝධනවල සහනය බේකරි හිමියන් බොහෝ දෙනෙකු දෙනෙකු දැනටමත් පාරිභෝගික ජනතාවට ලබා දී ඇති අතර කිසියම් සහනයක් ලබා නොදුන් බේකරි හිමියන් වෙතොත් ජනතාවට යම් සහනයක් දෙන ලෙස සංගමය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ‘‘ලංකාදීප‘‘ යට ලිපියක් එවමින් කියා සිටී. 20 February 2020
ඡන්දයට කලින් අවසන් මැතිසබා රැස්වීම අද අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ අවසාන රැස්වීම අද (20) පැවැත්වේ. 20 February 2020
ජිනීවා යෝජනා : දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක් අද යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 20 February 2020
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 20 February 2020
දියේ ගිලීමෙන් සිසුහු 4 ක් මරුට ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව්දෙනෙකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 February 2020
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හෙට ජනපති කොමිසම හමුවට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්ෂි ලබාදීම සඳහා සේවා තහනමකට ලක් වී සිටින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හෙට (20) එම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. 19 February 2020
රන්ජන් - කතානායක පාර්ලිමේන්තුවේදී මත ගැටුමක රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල කුණු හරුප සඳහන් බවට පුවත්පත්වල පළවූ වාර්තාවල කුණු හරුප යන වචනය වෙනුවට අසභ්‍ය වචනය යෙදුවානම් සුදුසු යැයි සිතන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 February 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාලවරයෙකු පත් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තාවේ. 19 February 2020
දකුණු කොරියාවේ හිටපු ජනපතිට සිර දඬුවම් දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක් මහතාට වසර 17 ක සිර දඬුවමක් එරට අභියාචනාධිකරණය අද(19) නියම කළේය. 19 February 2020
සුවය ලැබූ චීන කත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි කොරෝනා වෛරසය ආසාදනයෙන් අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත් , චීන ජාතික කාන්තාව අද (19 ) සවස යළි සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය . 19 February 2020
‘පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න නීති සකසා අවසන්’ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වනවිටත් සකස්කර අවසන් යැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(19) පැවැසීය. 19 February 2020
ජාතික පාසල්වල ගුරු මාරු නවතයි ජාතික පාසල්වල ගුරු ස්ථාන මාරු තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 19 February 2020
වරකාපොළ තරුණිය ඝාතන විමර්ශනය ගැන පොලිස් කොමිසමේ ඇස වරකාපොළ ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ ගැන කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත. 19 February 2020
කෝට්ටේ හිටපු නගරාධිපතිට එරෙහි නඩුව කැඳවීම ජූනි 24දා කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක කි්රයාකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ජුනි 24 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට අද (19) නියම කළේය. 19 February 2020
ඉඩම් ලියාපදිංචිය විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පත්තිරු ලිවීමේ ක්‍රමවේදය වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා අද (19) පැවසීය. 19 February 2020
කපිල චන්ද්‍රෙස්න-බිරිඳ යළි රිමාන්ඩ් ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා තෙක් රක්ෂිත යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය. 19 February 2020
කාවිංග පෙරේරා රිමාන්ඩ් අත්අඩංගුවට ගත් රංගන ශිල්පී කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළාය. 19 February 2020
ජාතික සමගි බලවේගයට ‘හංසයා’ ලකුණින් එන්න බැරි වෙයි එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. 19 February 2020
විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 දා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුවේ තීන්දුව ලබන අපේ‍්‍රල් 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (19) දින නියම කළේය. 19 February 2020
‘යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් එල්ල වූ චෝදනා මොනවාදැයි කවුරුත් දන්නේ නැහැ‘ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළද එම චෝදනා මොනවා දැයි කිසිවෙකුත් නොදන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 19 February 2020
‘තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට සිතිවිල්ලක්වත් රජයට නැහැ’ තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ සිතුවිල්ලක්වත් වත්මන් රජයට නැතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවැසීය. 19 February 2020
හිටපු ජනාධිපති පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම ලැජ්ජාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලීමට රෙද්දක් ඇඳගෙන පුළුවන්කමක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා පවසයි. 19 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026