(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය.
එයට අදාල චක්‍රලේඛයක්ද මේ වන විට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ට ලබා දී ඇති ණය සහ අත්තිකාරම් වෙනුවට ඔවුන්ගේ වැටුපෙන් අය විය යුතු ණය වාරික හා ණය පොලී අය කිරීම අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබීය.
එමෙන්ම කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෛාරෝනා කාලෙදී ගෙදරට වෙලා හිටියත් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ලැබුණා. එතකොට සාමාන්‍ය පරිදි ඔවුන්ගෙන් අයකර ගන්න ණය වාරික අයකර ගැනීමේ කිසි වැරැද්දක් නැහැ.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...මහජනයාගේ පඩියෙන් කපයි... වැටෙයි ජනයා කබලෙන් ලිපට...
රජයේ සේවකයෝ ගෙදරට වෙලා ඉන්නකොට අල්ලස්, කොමිස් වැනි අමතර ආදායම් ලැබුණේ නැහැ. එම නිසා සමහරවිට ඔවුන්ගේ ආර්ථිකයත් විශාල ලෙස වැටිලා ඇති...
දැන් සැපද?
මේ පාරත් දෙන්න ඉතුරු ටිකටත් දැන් දුකද? සැපද?