ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.4 ඉක්මවයි ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (25) පෙරවරු වනවිට මිලියන 9.4 ඉක්මවා ගොස් ඇත 25 June 2020
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉකුත් 21 වැනිදා උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී කොටපොළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පහර කෑමට ලක්ව රෝහල් ගත කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 June 2020
ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (24) වාර්තා විය. 25 June 2020
දකුණේ පාසල් විෂබීජහරණයට මිලියන 100ක් කොරෝනා වසංගතයෙන් පසු දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමේ දි ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතු බවත් විෂබීඡහරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි. 25 June 2020
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 24 June 2020
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968 ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 15,968ක් ලෙස දැක්විණි. 24 June 2020
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 24 June 2020
වරාය නගරයේ පාසලක් - රෝහලක් - සම්මන්ත්රණ ශාලාවක් ඉදිකෙරේ කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක්, රෝහලක් සහ සම්මන්ත්රණ ශාලාවක් ද ඉදි කිරීමට නියමිතය. 24 June 2020
රැකියාලාභීන්ට රජයෙන් කුලී පදනම මත නිවසක් රැකියා සඳහා කොළඔ නගරයේ රැඳී සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද (24) පැවසීය. 24 June 2020
විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට පවරයි විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 24 June 2020
කොළඹ හතේ ඉඩම් ගන්න ගිය ව්‍යාපාරික යුවළ රිමාන්ඩ් සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6 ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික යුවළක් ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 24 June 2020
පාඨලී ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා වැලිකඩ ප්‍රදේශයේ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු අනාවරණය කළේය. 24 June 2020
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරු 19 කට ස්ථාන මාරු පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි බන්ධනගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය. 24 June 2020
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 24 June 2020
සී.අයි.ඩීය ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉවත දමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් “හදුනාගැනීමේ පෙරට්ටුවක්” පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම පෙරට්ටුව අවලංගු කිරීමට නියෝග කළේය. 24 June 2020
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩීය පරීක්ෂණ අරඹයි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” විසින් අලිමංකඩ දී යුද හමුදා සෙබලුන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. 24 June 2020
එම්.සී.සී සමාලෝචන කමිටු වාර්තාව අගමැතිට භාරදෙයි සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්.සී.සී ගිවිසුම) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම අරලියගහ මන්දිරයේදී අද (24) පස්වරුවේ සිදුකෙරිණි. 24 June 2020
‘සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර කරන්නේ නැහැ‘ කොළඹ නගරය හරහා ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් එහි ඇතැම් කරුණු සහ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනයක් පමණක් සිදු කරන බවත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද(24)පැවසීය. 24 June 2020
බස්නාහිර පළාත් සභා හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඇප මත මුදා හරී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු හා එම පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයෙකු වූ රොයිස් ප්‍රනාන්දු නැමැත්තා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය. 24 June 2020
‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 June 2020
සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 94 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 June 2020
ප්‍රවීණ ලේඛක, ගීත රචක මර්වින් සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි කෘතහස්ත ලේඛකයකු, ගුවන් විදුලි නාට්‍ය හා ගීත රචකයකු මෙන්ම කවියෙකු වූ මර්වින් සේනාරත්න මහතා අභාවප්‍රාප්ත විය. 24 June 2020
හරීන්ට- වඩිවේල් සුරේෂ්ට පැනවූ වාරණ නියෝග දෙක දිර්ඝ කරයි ලංකා ජාතික වතු කම්කරු සංගමයට අයත් වාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, විකිණීම හා එම සංගමයට අයත් බැංකු ගිණුම් ඇප කරයට තබා බැංකුණය ලබා ගැනීම වළක්වාලමින් එම සංගමයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් යන දෙදෙනාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝග දෙක ලබන ජූලි 08 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (24) තීන්දු කළාය. 24 June 2020
කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1998 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 24 June 2020
මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයෝ 169 ක් මත්තලට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 June 2020
යහපාලන ඇමතිවරයෙක් විදුලි ව්‍යාපෘතියක් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක් අරන් යහපාලන රජයේ ඇමතිවරයෙක් සූර්ය විදුලිබල ව්‍යාපෘතියකට අනුමැතිය දෙන බව පවසා මෙරට ප්රමුඛ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ලබාගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 24 June 2020
අරණායක පොලිසියේ තුනකගේ වැඩ තහනම් කසිප්පු මුදලාලිගෙන් අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක් ලබාගත් අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ඇතුළු පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියමයෙන් අරණායක මාවනැල්ල භාර සහකාර පොලිස් අධිකාරි මහතා විසින් අද (24) තීරණය කර ඇති බව පොලිසිය පවසයි. 24 June 2020
රත්නපුරේ මැණික් මිල පහෙන් එකට බසී කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රත්නපුරේ මැණික් මිල ඉතා පහළ මට්ටමකට වැටී ඇතැයිද, මේනිසා ශ්රමයට සරිලන මිලක් මැණික් සඳහා ලබාගත නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇතැයිද පතල් කම්කරුවෝ පවසති. රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා මැණික් ගලක් රුපියල් ලක්ෂ 20 ක් හෝ ලක්ෂ 30 ක පමණ මිල දක්වා පහත වැටී ඇතැයි පතල් කරුවෝ පෙන්වා දෙති. 24 June 2020
විසක් ශරීරගත කර සුනඛයින් 10 ක් ඝාතනය කරලා ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කර සුනඛයන් 10 දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් ගලේවෙල පොලීසියට අද (24) පැමිණිලි කර තිබේ. 24 June 2020
තවත් 14ක් සුවය ලබා ගෙදර යති කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 14දෙනෙකු සුවය ලබා අද(24) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 24 June 2020
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026