(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” විසින් අලිමංකඩ දී යුද හමුදා සෙබලුන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
නො. 964/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ලිපියේ ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඬිගල්ලේ විමලසාර හිමියන් විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 1 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කියනවා ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නලු, විපක්ෂයෙන් කියනවා මහින්ද කොටින්ට සල්ලි දුන්නලු... ඔය දෙගොල්ලොම සිංහලුන්ට ගහන්න කොටින්ට උදව් කරලා තියෙන්නේ... දැන්වත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
අපරාධකාරයෙකුට එම අයහපත් චේතනා ඔලුවෙන් ඉවත් කරන්න අමාරුයි. නිසි වෙලාවට, නිසි දඬුවම් ලැබුණා නම් එහෙම වෙන්නේ නැහැ.
හමුදාවේ සෙබළු මැරැණාට කමක් නැහැ. එයා මහින්ද මහත්තයාට උදව් කරනවා නම්... හමුදාවේ සෙබළු මැරුවාම දේශප්‍රේමී... කොටි මැරුවම දේශද්‍රෝහී..