(ඩයනා උදයංගනී)
සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්.සී.සී ගිවිසුම) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම අරලියගහ මන්දිරයේදී අද (24) පස්වරුවේ සිදුකෙරිණි.
එම කමිටුවේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා එම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාරදුන්නේය.
මෙම කමිටුව විසින් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනය කිරීමෙන් පසු තම නිර්දේශ ද සහිතව මෙම වාර්තාව සකස් කර ඇත.
එහිදී විවිධ ක්ෂේත්රයන්හි අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන තිබේ.
මෙම කමිටු වාර්තාව හෙට (25) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද භාරදීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා විසින් මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත්කරනු ලැබිණි.
ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.
මෙහිදී මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත ද භාරදෙනු ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිවරණයට කළින් පොරොන්දු වුණේ MCC එක අහෝසි කරනවා කියලා නේද?
මුළු රටම ප්‍රතික්ෂේප කරපු MCC ගිවිසුම ගැන සමාලෝචනය කරන්න කමිටුවක් පත් කිරීමම මහජන මතය නිර්ලජ්ජිත ලෙස නොසලකා හැරීමක්. මේ උර්චක්රමාලය ලක්මවගේ කරට දාලා අපේ මව්බිම ඇමරිකාවේ දඩබිමක් කරනවද කියලා ප්‍රශ්න කරන්න රටේ ජනතාවට කෙලින්ම අවස්ථාවක් ඡන්දෙට ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙනවා. 2020 ඉන්දියාව සහ චීනය අතර ඇතිවුණු දේශසීමා අරගලය පිටිපස්සේ ඇමරිකාව ඉන්න බව ලෝකයටම රහසක් නොවෙන කාලයක, MCC ගිවිසුම අත්සන් කරන එක ඉතාම භයානකයි. මොන යම් අවස්ථාවක හරි ඇමරිකාව ඉන්දියාවට සහයෝගයක් විදිහට මේ දේශසීමා අරගලයට මැදිහත් වුණොත්, 2007 වර්තමාන ජනාධිපති රටට හොරෙන් අවුරුදු 10කට අත්සන් කළ සහ වහල් ආණ්ඩුව 2017 රටට හොරෙන් තව අවුරුදු 10කට දීර්ඝ කල ACSA ගිවිසුම ඇමරිකාව සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගන්නවා. ඒ අතරට MCC එකත් අත්සන් කරලා තිබුණොත් ලංකාවට මුහුණ දෙන්න වෙන ඉරණම අන්තිම භයානකයි. ජනතාව වහල් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්න ආසන්නම හේතුව මේ ගිවිසුම බවත්, අපේ අතීත රජවරුන් මුතුන් මිත්තන් ජීවිත පූජා කරමින් රැකගත් මේ පින්බිම අන්‍යාගමික ඇමරිකාවේ වහල් කඳවුරක් කරන්න හැදුවොත් ඒ අයත් ප්‍රතික්ෂේප කරන්න ජනතාව නැවත පෙළ ගැහෙන බවත් මතක් කරලා දෙන්න කැමතියි.
සජිත් පොරොන්දුවක් දුන්නනේ එයා මේ ජරා රට පාවාදෙන ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එයා එදත් ඕකට විරුද්ධයි. කැබිනට් එකේදී කිහිපවරක් විරුද්ධව කතාකළා. ඉතින් මට විශ්වාසයි සජිත් පත්වුණොත් කීයටවත් ඕක අත්සන් කරන්නේ නැහැ කියලා. නමුත් මේ මැදමුලන පවුල හදන්නේ ඩොලර් මිලියන 480කට අපේ රට විකුණන්න. මේ පාර පවුලම කැලෑවටම එළවන්න අපි එක්රැස් වෙමු. අද ප්රභාකරන් ජීවත්වෙලා හිටියා නම් මහින්ද මිනිහාව අගමැති කරනවා. දැන් පේනවා නේද කට්ටිය මිනීමරු කරුණාව සාධාරණීකරනය කරන හැටි...? හමුදාවේ ජාති හිතෛෂී කෙනෙක් නැතිද තුවක්කුව හරවන්න මුන්ට...?
ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඔය ගමන්ම කොපියක් යවන්න.
මහ මැතිවරණයෙන් පස්සේ MCC හොඳවෙනවා. ඉන්පසු ක්‍රියාත්මක වෙනවා...
අගමැතිට ඕක දුන්නු එක හොඳයි. එයාට කලිනුත් මහජන ඉඩම් සින්නක්කරේට පිටරට වලට ලියලා දීලා පලපුරුද්දක් තියෙනවානේ...
අනේ පව් මේ වගේ දේවල් බලන්නත් අපිට සිද්ධ වුණානේ... රට බෙදනවා කිව්වා... ශ්‍රී මහා බෝධිය වඳින්න වීසා ගන්න ඕනෙ කිව්වා. ඇමෙරිකාවේ යටත් විජිතයක් කිව්වා. මෙහෙම කියලා ඡන්දෙ හිඟාකාලා ගහගත්තා.. මහා කුහක මිනිස්සු.. අපේ මිනිස්සු මෝඩයි කියන්නේ නිකන් නොවේ.
මෙන්න විස්තර කියවන්න. පසුගිය රජය 2017 සහ 2018 වසරවල එම්.සී.සී. ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු කීය.