(නිමල කොඩිතුවක්කු)
කොළඹ නගරය හරහා ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් එහි ඇතැම් කරුණු සහ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනයක් පමණක් සිදු කරන බවත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද(24)පැවසීය.
දැනට යෝජිත ක්‍රමය මගින් ලංසු කැඳවීම සිදුවන්නේ ජපන් කොන්ත්‍රාත් කරුවන් සහ නිෂ්පාදකයින් අතරින් පමණක් වන නිසා එම තත්වය බැහැර කර ඕනෑම ජාත්‍යන්තරව පිළිගත් කොන්ත්‍රාත් කරුවන්ට සහ නිෂ්පාදකයන්ට සහභාගි විය හැකි ප්‍රසම්පාදන යාන්ත්රණයකින් තරඟකාරී මිල ගණන් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය පිළිබඳ ජයිකා ආයතනය සමග පවතින ගිවිසුම අත්හිටුවීමට කටයුතු කලත් ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවන බවත් පැවසූ ලේකම්වරයා අදාළ උපදේශන සමාගම් වලට පමණක් සුළු මුදලක් ගෙවීමට සිදු වනු ඇතැයි ද පැවසීය.
කොළඹ නගරය හරහා ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් එහි ඇතැම් කරුණු සහ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනයක් පමණක් සිදු කරන බවත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද(24)පැවසීය.
දැනට යෝජිත ක්‍රමය මගින් ලංසු කැඳවීම සිදුවන්නේ ජපන් කොන්ත්‍රාත් කරුවන් සහ නිෂ්පාදකයින් අතරින් පමණක් වන නිසා එම තත්වය බැහැර කර ඕනෑම ජාත්‍යන්තරව පිළිගත් කොන්ත්‍රාත් කරුවන්ට සහ නිෂ්පාදකයන්ට සහභාගි විය හැකි ප්‍රසම්පාදන යාන්ත්රණයකින් තරඟකාරී මිල ගණන් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය පිළිබඳ ජයිකා ආයතනය සමග පවතින ගිවිසුම අත්හිටුවීමට කටයුතු කලත් ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවන බවත් පැවසූ ලේකම්වරයා අදාළ උපදේශන සමාගම් වලට පමණක් සුළු මුදලක් ගෙවීමට සිදු වනු ඇතැයි ද පැවසීය.
දැනට යෝජිත ජයිකා ආයතනය මගින් සිදු කරන ව්‍යාපෘති ආයෝජනය ඩොලර් බිලියන 2.2 බවත් මෙයට වඩා අඩු ආයෝජනයකින් එම මෙම ව්‍යාපෘතිය සිදු කළ හැකි බව නව රජයේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.
යෝජිත පරිදි ව්‍යාපෘතිය කඩුවෙල දක්වා දිවෙන නමුත් දැනට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වගුරු බිම ට ඉහළින් කුළුණු මත යෝජිත ඩිපෝ අංගනය අතුරුගිරිය ප්‍රදේශයේ සුදුසු උස් බිමක අඩු වියදමකින් ඉදිකිරීමටත් සැහැල්ලු දුම්රිය මාර්ගය අතුරුගිරිය දක්වා දික්කිරීම රජයේ අරමුණ බවද වික්‍රම මහතා කීවේය.
කිසිදු හේතුවක් මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට රජය කටයුතු නොකරන බවත් පැවසූ ලේකම්වරයා ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, භූ පරීක්ෂණ කටයුතු, ඉදිකිරීම් ක්‍රමවේදය ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකරන බවද ඔහු පැවසීය.
ව්‍යාපෘතිය සඳහා වෙනත් කිසිදු රජයකින් හෝ ආයතනයකින් වැඩි පොලියට ණය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආයෝජකයෙකු මගින් මහා භාණ්ඩාගාරයට බරක් නොවී ව්‍යාපෘතිය දිගටම කරගෙන යන බවද වික්‍රම මහතා සඳහන් කළේය.
ජපන් රජය හා ජයිකා ආයතනය සමඟ ඉතාමත් සුහදව කටයුතු කරමින් වෙන්කර ඇති ණය මුදල වෙනත් කේෂ්ත්‍රයකට ආයෝජනය කිරීමට හෝ සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුම අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ජපන් සමාගමෙන් ගලවලා ඒකත් චීනයට දෙනවා නේද?
සරල සත්‍ය... ජයිකා එක කොමිස් දෙන්නේ නැත. ඕක කිව්වා නම් ඉවරයි.
"අපි නොදන්න ප්‍රියත් බන්දු වික්‍රම. 2015ට කලින් වරාය සභාපතිනේ." ව්‍යාපෘතිය නතර කරන්නේ නැහැ. ඒත් ජපානයෙන් ලද 0.1% පොළිය චීනයෙන් 6% ලබාගන්නවා. එච්චරයි වෙනස... ගෙවන්නේ මහින්දවත්, ප්‍රියත් බන්දු වික්‍රමවත් නොවෙයි. රටේ බදු ගෙවන මහජනතාවනේ. ජයවේවා!
ප්‍රියත් බන්දු කියන්නේ බොරු.. පී.එච්.ඩී. එකත් බොරු එකක්...
ජපානයට කියලා හදවාගත්තොත් කෝච්චි දුවාවි... චීනාට කියලා හදවා ගත්තොත් නොරෙච්චෝලෙ වගේ කරච්චලයක් වෙලා... අර මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය වැනි ඉබි ගමනින් යන්න පුළුවන්.. දේශපාලකයා නම් පොහොසත් වේවි..
අවසානයේ චීනාට තමයි.
වෙනත් සමාගම් මුවාවෙන් හොඳ කොමිස් කුට්ටියක් කඩාගන්න අල්ලන කුරුමානමක් බව නම් කියන්න පුලුවන්....
ඔබලා දන්නැද්ද ජයිකා එක ප්‍රොජෙක්ට් එක දෙන්නේ අඩු පොලියට බව විතරයි... එකේ යට බැලුවම මහා ජාවාරමක්, ජපන් කොම්පැනි විතරයි ඔය ප්‍රොජෙක්ට් බහුතරයකට බීඩ් කරන්න පුළුවන්, එවායේ ප්‍රොෆිට් එක ගොඩක් වැඩියි. ඒ නිසා ව්‍යාපෘති වියදම වැඩියි. හරියට රු 50,000 TV එක 100,000ට ගත්තා වගේ වැඩක් තමයි. එයාලා ව්‍යාපෘති එකතුකරලා තමයි වේලාසනින් ලෝන් එකේ ගණන කියන්නේ, ඒ එමවුන්ට් එක ළඟින් යන ගානට ඔවුන්ගේම කම්පැනි ලව්වා කොටේෂන් කරනවා... අපි එක TV එකක් අඩු පොළියට ගත්තා කියලා හිතනවා. ඔය වැඩේ දැන් අප්‍රිකාවේත් හොඳට කරනවා.. ලෝන් එක අඩු පොලියට ඕපන් ටෙන්ඩර් කැඳවීම කරන්න ඕනෑ. අපිට ආදරේටම දෙනවා නම් technology (design) එක අපිට දිලා අපේ කම්පැනි ලව්වා කරවනවා නම් වැඩේ හරි. චීනයත් එහෙමයි; කොරියාවත් එහෙමයි. ඉතින් අපි ඔවුන්ගේ කොම්පැනි දුවවන්න උදව් වෙලා පස්සේ ඇඳුම්, තේ කොළ එහෙම විකුණලා ඔවුන්ගේ ලෝන් ගෙවනවා,
2010-2014 කාලයේ දෙපාර්ශවයක් චීනාගෙන් කොමිස් ඉල්ලන්න ගිහිල්ලා, අන්තිමට ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් පරක්කු වුණා. ජපනාගෙන් වුණත් කොමිස් ඉල්ලලා බැලුවොත් දෙයි. එතකොට අඩුම ගණනේ ව්‍යාපෘතිය වෙලාවට ඉවර කරගන්න පුළුවන්නේ... කොමිස් එක කොහොමත් අන්තිමට ගෙවන්න වෙන්නේ අසරණ හරිජනයා නොහොත් මහජනයාට නේ...
මේ ඔක්කොම හොරු ජපනා කාලා නම් තිතට වැඩේ දෙයි. මේ කරන්න හදන්නේ පහුගිය ආණ්ඩුවට මේ වැඩේ ඔවුන්ගේ කියලා නමයන එක නවත්වන්න. අනේ මේවගේ කාලකණ්ණි.
බැලූ බැල්මටම පේනවා මොකද්ද වෙන්න යන්නේ කියලා...
අපි නොදන්න බන්දු...
හොඳ අදහසක්... රටට බරක් නොවී ආයෝජකයෙකුට දෙන්න පුළුවන් නම් හොඳයි. ගිය අවුරුදු 5 ඒක පුද්ගල ආදායම වැඩි වුණේ ඩොලර් 6 ගාණේ. ආර්ථිකය වලපල්ලට ගියා.. එහෙම වෙලා මේ වගේ ව්‍යාපෘති එකකට රජයෙන් ලෝන් ගන්න එක තේරුමක් නැහැ. ඒකපුද්ගල ආදායම ඩොලර් 7000ක් වුණානම් රජයෙන් ලෝන් ගන්න එක ගැටළුවක් නැහැ. මහින්ද හිටියා නම් 2020 වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 7000ක් වෙනවා 2015ට ඉස්සෙල්ලා ගිය විදිහට... ජපන් ආයෝජකයෙක් නම් හොඳ වෙයි.
ජපන් ණය අඩු පොළී සහ ගුණාත්මක ඉදිකරන්න සමග යන ව්‍යපෘති. පැවැත්ම දිගුකාලීනයි, ජපන් කොන්ත්‍රාත් කරුවන් සහ නිෂ්පාදකයින් ලෝකේ හොඳම දුම්රිය කොන්ත්‍රාත්කරුවන් සහ නිෂ්පාදකයින්... හැබැයි කොමිස් දේශපාලුවන්ට කොමිස් ඩීල් දැමීමේ පැවැත්ම අමාරුයි.. මේකෙන් වෙන්නේ දිගුකාලීන මිතුරු රටක් අමනාප වී චීනෙට විශාල වශයෙන් ණය ගැති වීම පමණයි.
කීයක් හරි වැඩියෙන් දීලා හරි ජපානයට කියලා හරි හදවාගන්න. චීන සහ ඉන්දියන් අධිවේගී මාර්ග, රේල් පාරවල් වල ප්‍රමිතිය අඩු බව.. පිටරට ජීවත් වෙන අපිට ලංකාවට ආවම පේනවා සාමාන්‍යෙයන් අද ලෝකයේ පවතින තාක්ෂණයට අනුව සාදන අධිවේගී මාර්ගයක අවම වශයෙන් පැයට කිලෝමීටර 130ක් වත් වේගයකින් ගමන් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලංකාවේ අධිවේගි මාර්ගයේ 100ට යනඑකත් සමහර වෙලාවට භයානක, අලුතින් ඉදිකරපු මාතර බෙලිඅත්ත කොටසේ පැයට කිලෝමීටර 50කට වත් යන්න බැහැ. අද තාක්ෂණය අනුව හදන රේල් පාරවල් වල අවම වශයෙන් 150ට වත් යන්න පුළුවන්කම තියෙන්න ඕනේ...
ඔහු මොරටුව සරසවියෙන් සුදුසු විදිහට වැඩේ කරාවි. පාර්ලිමේන්තුවට ඔබලා පත්කරන්නේ මත්ද්‍රව්‍ය... තැබෑරුම් ව්‍යාපාරිකයන් බොහෝමයක් 8වැනි ශ්‍රේණිය සමත් නැහැ. මෙවැනි තත්වයක් යටතේ බන්දුල කරන කර්තව්‍යය දෙස සර්ව අසුබවාදීව බලමින් තමන්ගේ නූගත් දේශපාලන නායකයන් වෙනුවෙන් පෙනී නොසිටින්න.