(මනෝප්‍රිය ගුණසේකර)
නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ සීමාවන් දැනගෙන කරුණු පවසන ලෙසත් එසේ නොවුණහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහි විත්තිකරුවන්ට අවවාද කරමින් අද (26) දැනුම් දුන්නේය.
වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධය හමුවේ කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ දැනුම් දීමක් සළකා බැලු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එලෙස අවවාද කළේය.
මේ පිළිබඳව සාක්කි සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල වැලිකඩ රැඳවියන් ඝාතන නඩු විභාගයෙන් අනතුරුව ඒ පිළිබඳව පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.
ඔවුන් එලෙස කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇතැයිද ඔවුන් ඒ අවස්ථාවේදී කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එලෙස අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලු විනිසුරු මඩුල්ල විත්තිකරුවන් මාධ්‍ය හමුවේ දැක්වු අදහස් වලින් අධිකරණයට අපහාස සිදුවී ඇති බව පැමිණිල්ලෙන් දැනුම් දී ඇතත් ඒ බව සනාථ කිරීමට මේ අවස්ථාවේදී විස්තර ඉදිරිපත් කොට නැතැයි සඳහන් කළේය.
එහෙයින් මේ පිළිබඳව සාක්කි සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.
මේ අවස්ථාවේදී විත්තිකරුවන් ඇමතූ විනිසුරු මඩුල්ල අධිකරණයන් හමුවේ විභාග කරන නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ සීමාවන් දැනගෙන කරුණු පවසන ලෙස විත්තිකරුවන්ට අවවාද කළේය.
නීතීයේ සීමාවන් තුළ සිට මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් නොකළහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගජීව ගැන කසුන් පුස්සවෙලගේ පොතක මේ ගැන සම්පූර්ණ විස්තරයක් සාක්ෂි සහිතවම තියෙනවා.
උසාවියෙන්, සී.අයි.ඩී. එකෙන් එළියට ඇවිල්ලා මාධ්‍යය සංදර්ශන පවත්වන එක දැන් මෝස්තරයක් වෙලා.
ඒ අය විතරක් නොවෙයි මේ තීරයේ පුවත්පත් කලාව හා අපහාස නීතිය ගැන ලියන බොහෝදෙනාත් බොහෝ පරිස්සම් විය යුතුයි. මන්ද යත්, තමන් ලියන ඒවා වෙනත් නමකින් ලිව්වත්, කෙනා කව්ද කියා දැනගැනීමට දියුණු තාක්ෂණයට හැකියාව තියෙනවා. අපහාසය හා උපහාසය අතර වෙනස, හෙළා දැකීම යන්න ගැන දැනුම බොහෝ අය තුළ නැහැ. කුමක් හෝ කියා තමන් දිනන්න හදනා අය තමයි වැඩි. මෙහි ලියවෙන දේ "කොපිරයිට්" බව අමතක නොකළ යුතුයි. උදාහරණයක් දෙන්නම්, මේ රටේ විධායක තනතුරක් දරන මගේ මිතුරෙකුට පළිගැනීම පිණිස නඩු 5ක් පවරා තිබුණා. මාගේ උපදෙස් පිට ඉහළ නීතිවේදීන් මා මිතුරාගේ ජංගම දුරකථනයට එ්වූ sms වලින් අප විරුද්ධ පාර්ශවය අධිකරණයට අපහාස කළ බව ඔප්පු කළා. ඒත්, අප මනුෂ්‍යයින් නිසා ඒ පැත්තට සමාව දුන්නා. මා මිතුරා හිතේ නොගිහින් බේරුණා. ඔහු හොඳ කෙනෙකු නිසා ස්වභාව ධර්මයත් ඔහුට පිහිටා වුණා. පුවත්පත් කලාව කියන්නේ දෙපැත්ත කැපෙනා කඩුවක්... අපහාස නීතිය ගැන නොදැන ලියන්නා එම කඩුව තම බෙල්ලට තබා ඇද ගනී. එය කඩුවේ වරද නොවේ. එය පාවිච්චිකල අයගේ වරදයි. මෙහි ලියන මා හටද අපහාස කරන්නෝ සිටිති. ඒත් මා මට තරම් නොවන ඔවුන් හා සටනට නොයමි. මගෙන් වියයුතු සේවය රට ලෝකය වෙනුවෙන් ඉටු කරමි...
නීතියට ඉහළින් කිසිවක් නොමැති බව අප සියලු දෙනාම තේරුම් ගත යුතුයි.
ගෝඨාගෙන් සහ රාජපක්ෂ පවුලෙන් ලකුණු දාගන්න එදා සී.අයි.ඩී.ය මට මෙහෙම කියන්න කිව්වා, අරහෙම කියන්න කිව්වා කියන එක මෝස්තරයක් වෙලා. එදා ඇයි ඔව මාධ්‍යයට නොකිව්වේ? ආණ්ඩුවේ මාධ්‍ය හැරෙන්න හුඟාක් ඒව රාජපක්ෂලගේ, ඒවට ඇවිත් කියන්න තිබුණා, එතකොට වැලිකඩ හිරකාරයින් මැරුණේ ඉබේමද කියලා අහන්න වෙනවා...