වයිසරයෙන් 3,200ක් මියගිහින් කොරෝනා වයිරසයෙන් අද(05) වනවිට පුද්ගලයන් 3,200දෙනෙකු මිය ගොස් ඇත. 05 March 2020
වාලච්චේන කඩදාසි කම්හල විවෘත කිරීමේ තීරණයක් අභාවයට ගොස් තිබෙන වාලච්චේන රජයේ කඩදාසි කම්හල නොබෝ දිනකින් නැවත විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (5) සඳහන් කළේය. 05 March 2020
දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනවලට රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 05 March 2020
අවබෝධතා ගිවිසුමකට යන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් සමගි ජනබලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (04) තීරණය කළේය. කෙසේ වෙතත් එය ඒක පාර්ශ්වික තීරණයක් පමණි. එවන් ගිවිසුමකට එළඹීමට සූදානම් බව හෝ ඊට කැමති නැතහොත් අකමැති බව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් ප්‍රකාශයක් නොකෙරිණ. 05 March 2020
‘‘ආණ්ඩුව උපාධිධාරීන්ව රැවැට්ටුවා‘‘ රැකියා ලබා දෙන බවට පවසමින් උපාධිධාරීන් රැවටීමට ආණ්ඩුව ගත් උත්සාහයට එරෙහිව සියලුම උපාධිධාරීන් ආණ්ඩුවට එරෙහිව පෙලගස්වන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවැසීය. 04 March 2020
සජිත්ගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලය රැස්වෙති මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් පත්කරගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතා පැවැසීය. 04 March 2020
කොදෙව් පිලට ලකුණු 25 ක ජයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. 04 March 2020
අඩු ආදායම්ලාභී පවුල්වලට ආහාර මල්ලක් දිළිදුකම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම් ලාභි පවුල්වලට තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග පහක මල්ලක් එහි වටිනාකමින් අඩක මුදලකට මාසිකව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාදී ඇත. 04 March 2020
රනිල් ඩුබායි යයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. 04 March 2020
කංජිපානි රඳවා සිටින සිරකුටියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ බී 4 සිරකුටියේ තිබී තුන්වන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 04 March 2020
නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. 04 March 2020
වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා කාලය ඉක්මවා මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ රන් භාණ්ඩ නිපදවන වෙළඳසැල්වල සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු ආගමන විගමන නිරීක්ෂණ හා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (04) අත්අඩංගුවට ගෙන ඇත. 04 March 2020
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය. 04 March 2020
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් බාරගැනීමේ අවසාන දිනය 16 තැපෑලෙන් ඡන්දය දීම සඳහා වන ඉල්ලුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 04 March 2020
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (05) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 March 2020
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට උපදෙස් මාලාවක් මේ වන විට සීඝ්රයෙන් ලෝකය පුරා පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා වන උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ. 04 March 2020
රත්තරන් තොගයක් ගුවන්තොටෙන් පිට කිරීමට හැදූ දෙදෙනකු අල්ලයි රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් දෙදෙනෙකු අද(04) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 04 March 2020
සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි නොවූහ. 04 March 2020
පක්ෂ මහලේකම් ධූරයෙන් අස්වීමට තීරණය කළ බව අකිල කියයි තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් , එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම හමුව සඳහා කණ්ඩායමක් නොපැමිණි නිසා එම තීරණය දැනුම් දීමට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද(4) පැවැසීය. 04 March 2020
වෝඩ් පෙදෙසේ මෝටර් රියක් ගිනිගනී වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී. ගින්න හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් මෙන්ම දුමාරය වැසී ඇත. 04 March 2020
‘‘ආණ්ඩුව ජනතාවට බදු ගසා ධනපතින්ට සහන දුන්නා‘‘ ධනපති ආණ්ඩුවක් යැයි පැවසූ එජාප ආණ්ඩුව ධනපතින්ට බදු ගසා ජනතාවට සහන දුන්නත් ජනතාවාදී මේ ආණ්ඩුව ජනතාවට බදු ගසා ධනපතින්ට සහන දී ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට සිංහල අවුරුද්ද උලා කෑමට සිදුව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. 04 March 2020
නියගයෙන් බැට කන ජනතාවට පානීය ජලය නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ජල බවුසර් ප්‍රාදේශිය සභාවලට ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. 04 March 2020
රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම් හිටපු අමාත්‍ය මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 12 ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝගයක් නිකුත් කළේය. 04 March 2020
ඉන්දියාවේ 28 දෙනෙකුට කොරෝනා ඉන්දියාවේ 28 දෙනකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි එරට රජය තහවුරු කර ඇත. 04 March 2020
කැළි කසළ බහාලුම් ගැන මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලූම් (කන්ටේනර්) යළිත් එරට යැවීම සඳහා එරට බලධාරීන් සමඟ සම්මුතියකට එළැඹූ වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට අද (4) නියෝග කළේය. 04 March 2020
කොරෝනාවෙන් බැට කන රටවලට ඩොලර් බිලියන 12 ක ආධාර පැකේජයක් කොරෝනා වයිරසයෙන් බැට කන රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක කඩිනම් ආධාර පැකේජයක් ලබාදෙන බව ලෝක බැංකුව නිවේදනය කරයි. 04 March 2020
රජයේ ආයතනවලට ගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවන්නැයි නියම කරයි රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර තිබේ. 04 March 2020
වන්නියෙන් ස්වාධීන පිරිසක් නාමයෝජනා බාරදෙති පාර්ලිමේන්තු මහමැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් තරගකිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් අද(04) නාමයෝජනා බාර දී තිබිණි. 04 March 2020
ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය ලෙස හැඳල ලාදුරු රෝහල නම් කරයි හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 04 March 2020
තලවිල මංගල්‍යයට යන්න විශේෂ දුම්රිය 4 ක් තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා ලබන 7,8 හා 9 යන දිනවල කොළඹ කොටුව සහ මොරටුව සිට පලාවි දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට යොදවා තිබේ. 04 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026