‘හැම තැනම අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පෙන්නුම් කරනවා’
ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත් සැපක් සන්තෝසයක් වෙනුවට හැම තැනකම අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පෙන්නුම් කළ බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹදී අද (3) පැවසීය.