රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් දාහත් දෙනා තව දුරටත් 18 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(04)නියෝග කළේය. 04 March 2020
මේජර් අජිත් ප්‍රසන්නගේ නඩුව මැයි 27 සිට දිනපතා විභාගයට අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහි නඩුව ලබන මැයි 27 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (04) තීරණය කළේය. 04 March 2020
කපිල චන්ද්‍රසේන-බිරිඳට ඇප එයාර් බස් ගනු දෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 04 March 2020
කළහකාරීව හැසිරුණු සිරකරුවෙක් වැලිකඩින් මහරට මීනිමැරුම් චෝදනාවක් මත ජිවිතාන්ත සිරදඬුවම් විඳින සිරකකරුවකු කළහකාරී ලෙස හැසිරිම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 04 March 2020
‘කුවේට් යන සංචාරකයන්ට කොරෝනා නැතැයි වෛද්‍ය සහතිකයක් අනිවාර්යයි’ ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින් විසින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව එරට රජය නිවේදනය කර ඇත. 04 March 2020
නාරංගමුව කන්දේ ගින්න නිවීමට දෙවැනි දිනටත් ගුවන් හමුදා සහය ගිරිඋල්ල නාරංගමුව කන්දේ පැතිරයන ගින්නක් පාලනය කිරීම සදහා දෙවැනි දිනටත් අද (4) ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යෙද වු බව ගුවන් හමුදාව පවසයි. 04 March 2020
පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (04) නියෝග කළාය. 04 March 2020
ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් ගණන් නිවේදනය කරයි මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 March 2020
මනුෂ්‍ය ඝාතන සිදු කළැයි මරණ දඬුවම් පුද්ගලයකුට පහරදි බරපතල තුවාල සිදුකර , ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධ අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී.එස් නිශ්ශංක මහතා අද (04)මරණ දණ්ඩනය නියම කළේය. 04 March 2020
දඹුලු රෝහලේ හෙදියක් ඩෙංගු වැළඳී මරුට දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ සේවය කළ හෙද සොයුරියක ඩෙංගු රෝගය වැළඳීමෙන් අද (4) මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය. 04 March 2020
මැතිසබේ විසිරවීමෙන් කාරක සභා 50 ක් අහෝසියි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා පනහකට ආසන්න සංඛාවක් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් සමග අහෝසි වී ගිය බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘ලංකාදීප‘යට පැවසීය. 04 March 2020
හෝමාගම රෝහලේදී දරුවකු වැදූ අම්මා කුඩු ඉල්ලලා යකා නටලා මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. 04 March 2020
හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලයි ලබන මහ මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊයේ (3) බෙන්තොට හෝටලයක පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 04 March 2020
කොරෝනා බවට සැක දෙදෙනෙක් බදුල්ල මහ රෝහලට කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන පියපුතු දෙදෙනෙකු අද (4) අලුයම බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවටට ඇතුළත් කර ඇතයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි. 04 March 2020
තැඹිලි ගෙඩිය රුපියල් 100 යි දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලි මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති. 04 March 2020
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු අද මැ.කෝ හමුවට මහ මැතිවරණයේදී විද්‍යුත් මාධ්‍ය අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සියලුම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු සහ විධායක නිලධාරීහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එම කොමිෂන් සභාවට අද (4) කැඳවනු ලැබ සිටිති. 04 March 2020
ලොව පුරා රටවල් 70කට කොරෝනා ව්‍යාප්තවෙයි කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3,100 ඉක්මවා ඇත. 04 March 2020
රත්නජීවන් හූල් තවමත් රට පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටින මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා අද (03) වනවිටත් දිවයිනට පැමිණ සිටියේ නැත. 03 March 2020
පාප්තුමන්ට කොරෝනා ආසාදනය වී නෑ සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අද (3) වාර්තා කළේය. 03 March 2020
යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න නියෝග හිඟයකින් තොරව යළ කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ගොවීන්ට සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) නිලධාරීන්ට නියෝග කළේය. 03 March 2020
වනජීවී නිලධාරීන්ට ගෙවන වන්දි මුදල වැඩි කෙරේ රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ගෙවන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 March 2020
කතානායකවරයා සියලුම වරප්‍රසාද යළි බාරදෙයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කතානායක කරු ජයසූරිය මහතා නිලරථ ඇතුළු කතානායකවරයාට හිමිවන සියලූම වරප්‍රසාද අද (03) යළි බාර දෙනු ලැබීය. 03 March 2020
අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. 03 March 2020
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවයි දකුණු කොරියාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. 03 March 2020
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළේය. 03 March 2020
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවන්න ලබාදෙන ණය මුදල ප්‍රදානයක් ලෙස සලකන්න ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතු හිමියන්ට නැවත ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට ලබාදෙන රුපියල් කෝටි 855 ක පමණ ණය මුදල මහ බැංකුවට දෙන ප්‍රදානයක් ලෙස සලකන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. 03 March 2020
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි දිවයිනේ පුරා දිස්ත්‍රික්ක ගණනාවකට මාස කිහිපයක් තිස්සේ බලපා ඇති දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 57,388 කට අයත් පුද්ගලයින් 2,39,295 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 March 2020
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත් පොහොට්ටුවෙන් එයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දී ඇත. 03 March 2020
බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිස මුදාහැරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා විදුහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් 20 දෙනෙකුට අද (03) සවස තරයේ අවවාද කර විදුහල්පතිවරයාට හා දෙමාපියන්ට බාරදුන් බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය. 03 March 2020
ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළට ආනයනික මසුන් සඳහා අයකෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. 03 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026