IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ට බසී

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සිව්දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් දෙදෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් 9දෙනෙක්ද, හෝමාගම රෝහලෙන් 21දෙනෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් එක් පුද්ගලයෙක්ද සිටිති.

ඒ අනුව, සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1955 දක්වා ඉහළ ගොස් තිබේ.

හෝමාගම මූලික රෝහලෙන් සුවය ලබා පිටව ගිය 21දෙනා විදේශිකයන් බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද(07) උදෑසන වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම රැඳවියා කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙකු බව හඳුනාගන්නා ලදී. ඒ සමඟ, කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 131දෙනෙකු ද නිරෝධායනයට ලක්කිරීම සඳහා පියවර ගෙන ඇත.


 



අදහස් (0)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ට බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site