(දසුන් රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුවේ සිටි පාලකයන් රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් බුද්ධි අංශයන්ගේ ක්‍රියාවලියේ ඇති වැදගත්කම නොසළකා කටයුතු කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් අද (07) ප්‍රකාශ කළේය.
ලංකාව තුළ ක්‍රියාත්මක නිලධාරීන්ට එරෙහිව එම පාලන කාලයේ යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා බුද්ධි සේවාවන් මන්දගාමී වු බවද එම විශේෂ සාක්ෂිකරු පවසා සිටියේය.
යහපාලන ආණ්ඩුව පැමිණීමට පෙර මෙරට බුද්ධි අංශ කාර්යක්ෂමව පැවැති බවද එම විශේෂ සාක්ෂිකරු සඳහන් කළේය.
බුද්ධි සේවාවන් ආයතනික වශයෙන් එකිනෙකා සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු නොකිරීම නිසාත් කොටස් වශයෙන් වෙන්වී ඒවා වෙන වෙනම බුද්ධි තොරතුරු රැස් කිරීමට පෙළඹුණු බවත් එම සාක්ෂිකරු කීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේ දී අද (07) රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට සිද්ධවෙන දේවල් සහ සිරිසේනගේ දේශපාලනය දිහා බැලුවාම හිතාගත්තහැකි බුද්ධි අංශ තොරතුරු දීලා තියෙද්දිත් ඕනෑකමින්ම ඒවා නොසලකා හැරියේ මොකද කියලා..