වරෙන්තු නිකුත් කිරීමේ තීරණය 2.30ට හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 06 March 2020
රනිල් සංචාරය නිමවා පැමිණෙයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිම කර අද(06)උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 06 March 2020
ලොකු ලූනු සහතික මිල ඉහළට ලොකු ලූනු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවට රුපියල් 60 ක සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. 05 March 2020
වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සංගම් තීරණය කරයි දුම්රිය රියදුරන් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 05 March 2020
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 18 ක දඩයක් වසර 30 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් බවට වරද පිළිගත් ත්‍රිකුණාමලය චීන වරාය ඉදිරිපිට හෝටලයක හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැටලීම් ඒකකය පවසයි. 05 March 2020
සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් පොතට එකම කෘතියක් අවසානයන් 20,000 ක් සහිතව රචනා කරමින් ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. 05 March 2020
කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන වන්නේ යැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. 05 March 2020
බඳවා ගත් උපාධිධාරීන්ගේ අභ්‍යාස පුහුණුව මැයි 4 ඇරඹේ රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. 05 March 2020
‘මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා ‘ පාර්ලිමේන්තුව විසුරුවා හැර,මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක විරැකියා උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙල නිසා සියලු උපාධිධාරී තරුණ තරුණියන් අසරණ කර ඇතැයි ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසීය. 05 March 2020
නැංගුරමක් වැටී පුරාතන නැවකට හානි ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත වීම හේතුවෙන්, වරාය පතුලේ රැඳී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත රැංගුන් නමැති පැරණි නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. 05 March 2020
‘බඳවා ගත් උපාධිධාරීන්ගේ පුහුණුව නතර කිරීම අනුමත කරන්න බෑ’ රජයේ රැකියාවලට බඳවාගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභීන් 45,000 ක පමණ පිරිසට පුහුණුව ලබාදීම මැතිවරණ කොමිසන් සභාව විසින් නතර කරනු ලැබීම අනුමත කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 05 March 2020
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3 ක් සමග 16 ක් ගොඩබිමට ගෙනෙති දකුණු මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෙන ආ යාත්‍රා දෙක හා සැකකරුවෝ අද (5) හැදල දික්ඕවිට වරාය වෙත රැගෙන ආහ. 05 March 2020
‘පොහොට්ටුවේ ප්රචාරක රැස්වීම්වලට එනවා’ මහමැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රචාරක රැස්වීම්වලට සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද(05) පැවැති සාකච්ඡාවේදී පැවැසීය. 05 March 2020
රත්තරංට ඇප අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය. 05 March 2020
චීන සේවකයන් ලංකාවට නොපැමිණීමෙන් ව්‍යාපෘති ප්‍රමාදයි චීනයට ගිය චීන සේවකයන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා චීන ආධාර යටතේ කෙරෙන ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) ප්‍රකාශ කළේය. 05 March 2020
රාජිතට ඇප ලබා දීමට එරෙහි ප්රතිශෝධන අයදුම්පත විභාගයට දිනයක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය ලබන 10 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා අද (05) නියම කළේය. 05 March 2020
උමාඔය ව්‍යාපෘතියෙන් හානි වූවන්ට වන්දි ගෙවන්න වාර්තාවක් දෙන්නැයි නියෝග උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ලබන ජූලි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (5) නියෝග කළේය. 05 March 2020
ආසාත්මිකතාවකින් වාරියපොළ සිසුන් 70දෙනෙකු රෝහලේ ආසාත්මිකතාවක් හේතුවෙන් අද(05) වාරියපොළ පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 05 March 2020
විගණන සේවා කොමිසම නඩත්තුවට කෝටි 16 ක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද විගණන සේවා කොමිෂන් සභාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 4 ක් වැය කරන බව ශ්‍රී ලංකා විගණන සේවා පරීක්ෂක සංගමයේ සභාපති ඉන්ද්‍ර විජය බණ්ඩාර මහතා පැවසීය. 05 March 2020
‘රත්තරං’ අත්අඩංගුවට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් ’රත්තරං’ සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද(05) අත්අඩංගුවට ගත්තේය. 05 March 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙක් අල්ලස් දැලේ ද්‍රව්‍යම අල්ලසක් ලබාගත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකාරවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2020
දිනක වැටුප රු.1000 ක් කිරීමට වතු සමාගම් එකඟ වුණා වතු කම්කරු ජනතාවට පොරොන්දු වූ පරිදි රුපියල් 1000ක දෛනික වැටුපක් මෙම මාසයේ සිට ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 05 March 2020
ජී.එල්-අලි සබ්රි-කබ්රාල් ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති උපදේශක අලි සබ්රි යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2020
අද මැදියම් රැයේ සිට දුම්රිය රියදුරෝ ලෙඩ වෙති අද(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට(06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 05 March 2020
ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති ලංකා බැංකුවේ සියලුම ශාඛාවල හෙට ( 6) සංකේත වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ නිරාජ් පීටර් මහතා සඳහන් කරයි. 05 March 2020
පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 March 2020
ජලය ගනිද්දී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. 05 March 2020
ගුවන් මගීන් හැඳල රෝහලට ගෙන එනවැයි ගම්වාසීහු විරෝධයක කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටින රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායන කටයුතු සඳහා හැඳල ලාදුරු රෝහලට රැගෙන ඒමේ තීරණයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (5) හැඳල හේකිත්ත මාර්ගය අවහිර කරමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ. 05 March 2020
කොටුව දුම්රියපොළේදී දෙපා අහිමි වූ කතගේ බෑගයේ ලක්ෂ 39 ක් දුම්රියක් එනතුරු පෙරේදා (03) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හයවැනි වේදිකාව අයිනේ සිටි කාන්තාවක ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී දුම්රිය මාර්ගයට වැටී අනතුරකට පත්ව ඇත. 05 March 2020
උතුරේ හමුදා පාලනයක් ගෙනයන්න ජනපති උත්සාහ දරන බව කියයි උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතනවලට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය. 05 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026