ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (7) දිනයෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත.
එරට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එම පැය 24ක කාලයේදී වයිරස ආසාදිතයන් 60,209 දෙනකු සහ වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත.
මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,016,515කි. එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 131,660කි.
මේ අතර, ‘‘මම හිතනවා අපි ඉතා හොඳ තත්ත්වයක සිටිනවා’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (7) පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත් කරගන්නා බව නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව කීය.
නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය එරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි විවේචනයට ලක්ව ඇත.
ඒ.එෆ්.පී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්
eresh S kumara Thursday, 09 July 2020 03:12 AM
නොසැලකිලිමත්කම නිසා තමයි වැඩි වෙලා තියෙන්නේ.