(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව අද (09) සිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය රෝගීන් සඳහා පමණක් බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය
එහෙත් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට ඇඳන් 60කින් යුත් අංගසම්පූර්ණ වාට්ටුවක් වෙන් කර ඇති අතර පසුගිය මාස තුනක කාලය තුළ හෝමාගම මූලික රෝහලෙන් නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ඇති බවද වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ අතර සාමාන්‍ය ප්‍රතිකාර කිරීම් ඉකුත් 29 දා ආරම්භ කළ අතර බාහිර ප්‍රතිකාර ඒකකය 30 දා සිට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවද පැවසේ.
එහෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීම් සිදු කරනු ලැබුවේ සායන මගින් පැමිණෙන රෝගීන් සඳහා පමණක් වන අතර පසුගිය 6 වැනිදා සිට 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන රෝගීන් ද බාරගෙන ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එසේම ප්‍රසව හා නාරි රෝග සඳහා ප්‍රතිකාර කෙරෙන ළමා රෝග වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 1990 ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන කිසිදු රෝගියෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලට භාර නොගන්නා බවත් එවන් රෝගීන් හෝමාගම මූලික රෝහලට නොඑන ලෙසත් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලට යාමට පියවර ගන්න ලෙසත් රොහල් අධ්‍යක්ෂකවරයා රෝගීන් ගෙන් ඉල්ලා සිටි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හෝමාගම රෝහල කොරෝනා රෝගීන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්