(සංජය මධුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී කෙනෙරක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.
මෙම අලි පැටවුන් දෙදෙනා නිවුන් අලි පැටවුන් බව වනජීවී දෙපාර්තමේන්තුව හා ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සිදුකළ අධ්‍යනයකදී තහවුරු වී ඇති බව භාතිය මඩුගල්ල මහතා සඳහන් කළේය.
මෙම අලි පැටවුන් දෙදෙනාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත අලි අම්මෙක්...!!! බබාලා දෙන්නෙක්.. කොල්ලොම දෙන්නෙක්. දවසක මේ දෙදෙනා ලොකු මහත්වෙලා තම තමන්ගේ සීමාවන් සලකුණු කරගෙන ඒ තුළ තම ආධිපත්‍ය පතුරවමින් සමාදානයෙන් ජීවත්වේවි. නමුත් සතුන් අතර සිටින නපුරුම සත්වයා "නොමිනිසා" විසින් මේ අයගේ සීමාවන් අතික්‍රමණය කළොත්... ඒ අයට සිදුවනවා තමන්ගේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට... සටනේදී අහිංසක දුප්පත් මිනිසුන් කී දෙනෙක් දිවි පුදාවිද..? අලි ඇතුන් කීදෙනෙක් මියයාවිද යන්න හරියටම කියන්න බැහැ. ඔය සටන අදත් සිදුවනවා. අලින්ට ජීවත්වීමට තිබෙන කැලෑව අයිති කරගැනීම කරගැනීමට මිනිසාට ඇති අයිතිය කුමක්ද..? අලින් සොයාඑන්නේ තමන්ගේ නිජබිම මිසක් අලින්, මිනිසුන්ගේ ඉඩම්වලට කඩා වදින්නේ නැත. අලින් තම අයිතිය වෙනුවෙන් කරන සටනේදී අප මිට වඩා සංවේදී වියයුතුයි. අලි චුට්ටනේ ප්‍රවේශමෙන්...!!! අම්මා ළඟටම වෙලා .. ටිකෙන් ටික ලෝකය ගැන ඉගෙන ගන්න. "නොමිනිසා" කියන නපුරා ගැන අම්මගෙන් අහගෙන ඌව හැකිතරම් මගහැර ජීවත්වෙන්න. මේ ලෝකයම විනාශ කළ ඒ නපුරාට නුඹ තවත් සතෙක් පමණි. ප්‍රවේශමෙන් චුට්ටනේ.. නුඹලා දෙන්නටම දෙවි පිහිටයි.
DNA අවශ්‍ය නෑ. මවටයි, පැටවුන් දෙන්නටයි නිදහසේ ඉන්න දෙන්න. මෙට වඩා හොඳ නැද්ද හබරණ කැලේ මියගිය ඇතින්නියන් 7 දෙනා ගැන හොයලා බැලුවානම්...
අනේ වාසනාවන්...!!!
ඩී එන් ඒ ඕන නැහැ, ඔය අලි පැටවුන්ට ඉන්න දෙන්න.
නිදුක් වේවා!! නීරෝගි වේවා!! සුවසේ ජීවත් වේවා!! හරිම සතුටක්, වනජීවී ආරක්ෂක මහත්ම, මහත්මාවනි, මොවුන්ගේ ජීවිතවලට නිසි ආරක්ෂාවක් ලබාදීමට කැපවන්න.කාරුණික වෙන්න. සියලු සත්වයෝ... නිදුක්වේවා.. නිරෝගි වේවා..!!!
ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මොකටද?
ශීඝ්‍රයෙන් වඳවී යන අලි සම්පත රැකගැනීමට සොබාදහම විසින් දෙනු ලබන දායාදයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකියි.. පසුගිය කාලයේ නොයෙකුත් නොමිනිස් ක්‍රියාකාරකම් වලින් මෙලොව හැරගිය අලි පරපුරේ අය මෙන් මේ අහිංසකයින්ගේ දෙනාටද එසේ නොවීමට වගකිවයුතු බලධාරීන් නින්දෙන් අවදිව ඇස්කන් අවදි කරත්වා... මොනතරම් සුරතල් පුංචි පැටවුන් වුවද මේ සතුන්ට ගිනි බිඳින්නන් හක්ක පටස් තියන්නන්, පුඩු තියන්නන් වැටලීමට මීට වඩා දැඩි පියවර ගත යුතුයි. දැඩි නීතිරීති ගෙනැවිත් නොමිනිසුන් මෙල්ල කළ යුතුයි. දඟගෙයි දැමිය යුතුයි. නැතහොත් නිවුන් ඇත් පැටවුන්, අලි පැටවුන් කොපමණ බිහිවුවත් වැඩක් වෙන්නේ නැත. මේ සතුන් දිහා වනජීවිය වෙනදාට වඩා දැඩි කැපවීමකින් කටයුතු කළ යුතුයි.. මන්දයත්, නොමිනිසුන් විසින් වන සතුන් මෙලොවින් තුරන් කළ දිනෙක වන වනජීවියා කියා දෙයක් මේ රටේ ඉතිරි වන්නේද නැත. ඔවුන්ට රැකියා කිරීමට ස්ථානයක්ද ඉතිරි වන්නේ නැත. මන්දයත්, නොමිනිසුන් විසින් වනසතුන් මෙලොවෙන් තුරන්කර ඇති බැවිනි.
පාඩුවේ ඉන්න දෙන්න. මොන පරීක්ෂණද?
ඉපදුණාට විතරක් මදි... අනතුරකින් තොර ඒ ජීවිතය අවසන් කිරීමටත් වාසනාවක් තිබිය යුතුයි නේද?