ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් රථයක ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මේ වන විට තරමක් සුවය ලබා සිටින පසිඳු හිරුෂාන් සිසුවා මාස හතරකට පමණ පසු අද (08) යළිත් විශ්ව විද්‍යාලයට පැමිණියේය.
එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරු විසින් එම සිසුවා පිළිගෙන විශ්ව විද්‍යාලය තුළට කැඳවාගෙන ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප සහ වීඩියෝ- ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයරයක් හිසෙහි නිකම්ම වැදුනේ නෙහෙ. පව්කාරයින් හිතාමතා කරපු වැඩක්.. දන්නෝ දනිති...
තාම හරි සනීපයක් නැති පාටයි. මේ ළමයට තවත් ප්‍රතිකාර සහ විවේකය අවශ්‍යයි. කෝ අපරාධකාරයින් ටික? ඇප දීලා ගෙදර යැව්වද? හොඳයි වැඩේ...
පසිඳු, ඔබගේ මේ පැමිණීම විශ්ව විද්‍යාලයත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත්, ලැබූ මහත් ජයග්‍රහණයක්... සැබවින්ම, මේ සිදුවූ සිද්ධියේදී ඔබ ගැන, ඔබගේ දුක ගැන හදවතින්ම කම්පා වූ අය බොහෝය... ඔබට අනතුර වූ ස්ථානය පසුකර යාමේදී අප හදවත් තුළට දැනුනේද පුදුමාකාර දුකකි. කෙසේ හෝ දෙවියන්ගේ පිහිටෙන් ඔබ මේ නැවත පැමිණි ගමන පුදුම ආශ්චර්යයකි... !!! ඔබට ජයෙන් ජය .... !!!
පළමුව ඔබ සුවවී නැවත සරසවියට පැමිණීම පිළිබඳව හද පිරි සතුට මෙන්ම ඔබට අපගේ සුබ පැතුම්.. දෙවනුව අප මීට පෙරදුටුවා පුවත්පතකම ඔබට මේ ජඩ පාදඩ ක්‍රියාව කළ එම මුර්ගයින් මෙන්ම ඒ සියලු සිදුවීම් සහමුලින්ම අමතක බව ඔබ විසින් ප්‍රකාශ කරඇත.. එය ඇත්තටම ඔබට අමතකද, නැතහොත් නවක වදය දුන් අන්තරේ එම මෘගයින්ව ඔබ හිතාමතා වසන් කරනවාද? ඇත්ත වශයෙන්ම ඔබට ඒ සියල්ල අමතක නම් ඔබ කෙසේ සරසවි අධ්‍යාපන කටයුතු කරන්නේද යන්න නූගත් අපට නම් අතිමහත් ගැටලුවකි. ඔබට එලෙස ම්ලේච්ඡ ලෙස සැලකූ අන්තරේ එම අවජාතක මෘගයින්ව වසන් කර සියලු තොරතුරු හැංගුවේ නම් ඔබගේම අනාගත සහෝදර සරසවි සිසුන්ට ඔබ විසින්ම අවැඩක් කර ඇතිබව සඳහන් කරන්නෙමු. මක්නිසාදයත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදුගෙවන සියලු පුරවැසියන් එම අන්තරේ මෘගයින්ට ගරු අධිකරණය මගින් නිසි දඬුවම් ලබාදී සරසවියෙන් පන්නා දමන තෙක් බලා සිටීමයි.. නමුත් ඔබට සියල්ල අමතක නිසා එම මෘගයින් සියලු වැරදිවලින් නිදහස් වනු නියතයි.. ඔබ විසින් ආත්ම ගණනකට පාපයක් කර ඇති බවට කණගාටුවෙන් දන්වන්නෙමු. ම්ලේච්ඡ නවක වධය චිරාත් කාලයක් පැවතෙනු නියතයි.
පසිඳු, ඔබ ඉතාම ධෛර්යවන්තයි. ඔබ ඉතා ඉක්මණින් සුවවී ඔබගේ අධ්‍යාපනය අවසන් කිරීමට හැකිවේවායි පතමි. ඔබට මේ දුක ගෙනා සියළුදෙනාටම මෛත්‍රි කරන්න. ඔවුන්ට ස්වභාව ධර්මය විසින් නිසි ප්‍රතිචාර දක්වනු ඇත..
වැරදිකළවුන්ට සමාව නම් දෙන්න එපා. ඒ අය බිව්වාට ඔබලා බයිට් නොවෙයි..
මේ දරුවාට ඒ කාලකණ්ණි අපරාධය කළ අයට නිසි දඬුවම් ලැබිය යුතුයි.