(ජයන්ත සමරකෝන් සහ නිමල කොඩිතුවක්කු)
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමත් සමඟම එම බන්ධනාගාරයේ 315 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණ වලට ලක්කළ අතර ඉන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මෙම රැඳවියන් හා නිලධාරීන් පිරිස පී. සී. ආර් පරීක්ෂණ වලට යොමු කෙරුණේ කන්දකාඩුවේ සිට රැගෙන ආ රැඳවියකු පී. සී.ආර් පරීක්ෂණ තුනකට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඔහුට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd