IMG-LOGO

‘‘මම ජනාධිපති වුණොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙනවා‘‘

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ (7) පැවැසීය.

තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බව හෙතෙම කීය.

බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවන සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවූ ජෝ බයිඩන් ලබන නොවැම්බර් පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටියි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ද ජෝ බයිඩන් ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (7) ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් කරගත්තේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව මුලින්ම ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ය. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සත්‍ය වසන් කළ බවටත් එම සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළේය.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියට වසරක් පමණ ගතවනු ඇතැයි පැවසේ.

දැනට කර ඇති මත විමසුම් හා සමීක්ෂණවලින් ජනාධිපති ට්‍රම්ප්ට වඩා ජෝ බයිඩන් සියයට 10කට වඩා වැඩි අගයකින් ඉදිරියෙන් සිටින්නේ යැයි වාර්තා වේ.

නව කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සහ ආර්ථික කඩා වැටීම යන කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් බොහෝ දෙනකු විමසිල්ලෙන් පසුවන අතර එම කරුණු මුල් කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ද පහළ වැටී ඇත.

රොයිටර් සහ බී.බී.සී. ඇසුරිනි

055



අදහස් (3)

‘‘මම ජනාධිපති වුණොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙනවා‘‘

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 04:46 PM

ජනාධිපති ට්‍රම්ප් සෑමවිටම ප්‍රදර්ශනය කළේ දඩබ්බර ක්‍රියා පිළිවෙතක්... ඇමරිකාව වැනි රටකට ඒ තත්වය කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිවාදියා ඊළඟ ඡන්දෙදී ඔහුහට හොඳ අභියෝගයක් වේවි වගෙයි පේන්නේ..

:       1       74

Prabha Wednesday, 08 July 2020 07:23 PM

දැක්කද වෙනස...? දැන් ඇමෙරිකාවේ අපේක්ෂකයෝත් ලංකාව අනුගමනය කරනවා.

:       0       4

Kumar Thursday, 09 July 2020 05:46 AM

ඔයා ජනාධිපති වෙන්නේ නැහැනේ.

:       61       98

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site