(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශය ආසන්නයෙන් ඇලහැර දෙසට දිවෙන මාර්ගය ආසන්නයේදී ජීව අත්බෝම්බ දෙකක් අද (08) සොයාගත් බව නාඋල පොලිසිය කියයි.
මහවැලි අධිකාරියට අයත් කම්කරුවන් පිරිසක් ජලාශ රක්ෂිතය ආසන්නයේ එළිපෙහෙළි කිරිමක් සිදුකිරිමට යාමේ දී මෙම අත් බෝම්බ දෙක දැක තිබේ.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පි.ජි.කේ.රත්නායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නාඋල පොලිසියේ බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් හා සෙසු නිළධාරින් සමඟ අදාල ස්ථානීය පරික්ෂාවේදී හමුවී ඇත්තේ ජිව අත්බෝම්බ දෙකක් බව තහවුරැ කර ගෙන තිබේ.
හදුනාගනු ලැබු අත්බෝම්ම නාඋල විශේෂ කාර්ය බළකායට බාරදී නිෂ්ක්‍රීය කරන බවත් සිද්ධියට අදාල විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නාඋල පොලිස්ථානාධිපතිවරයා කියා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd