IMG-LOGO

ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු මෙන්ම ආසියානු රට බවට පත් වී ඇත්තේ ද ඉන්දියාව යි.

ආර්ථිකය කණපිට හරවමින් මාස දෙකකට ආසන්න කාලයක් පැවැති ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. එසේ වුවද එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් දක්නට නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මාස තුනකට පසු ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩිවෙමින් තිබේ. වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී ලොක්ඩවුන් සීමා පැනවීය. ඒ හේතුවෙන් එරට දස දහස් ගණනකට රැකියා අහිමි වූ අතර ව්‍යාපාර රැසක් කඩාවැටිණි.

ඉන්දියාවෙන් අඟහරුවාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 467ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන20,160ක් දක්වා ඉහළ ගියේය. එම පැය 24ක කාලයේදී වයිරස ආසාදිතයන් 22,252ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 719,665ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාව සඳුඳා වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැනට පත්විය. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

කෙසේ නමුත් ඉන්දියාවේ පුද්ගලයන් 10,000කට මරණ අනුපාතය 0.15කි. ඇමෙරිකාවේ එම අගය 3.97ක් වන අතර එක්සත් රාජධානියේ එම අගය 6.65කි.

වයිරස ආසාදිතයන්ගේ ගණන හා සැසඳීමේදී ඉන්දියාවෙන් දිනකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන අඩු වුවද ඉදිරි සතිවලදී සැලකිය යුතු අන්දමින් එය ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. ලොව වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන රටවල් අතර ඉන්දියාව හත්වැනි තැන පසුවෙයි. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඉන් අනතුරුව බ්‍රසීලය, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවලින් වයිරස ආසාදිත මරණ වැඩිම ගණනක් වාර්තා වේ.

ජූලි මාසය මුලදී ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය 450කි. ජූනි මස මුල් සතියේදී එය 250ක් වූ අතර මැයි මස මුල් සතියේදී එය 101ක් විය.

රොයිටර්

055



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site