ඇසළ පෙරහර සජීවිව නරඹන්න ලංකාදීප වෙබ් අඩවියට එන්න සෙන්කඩගලපුර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද සවස සුභ මූර්තියෙන් ආරම්භ වීමට නියමිතය 08 August 2025
අනතුරින් සැමියා මරුට බිරිය රෝහලට හොරණ රෝහල් මංසන්ධීයේ පදික මාරුව අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර තවත් අයකු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව හොරණ පොලිසිය පවසයි. 08 August 2025
කෝටි අටක මත් කුඩු සමග දෙකක් සැකපිට රුපියල් කෝටි අටකට වඩා වීදි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 08 August 2025
ඉන්දියාව - ඇමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා නවතී? තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 08 August 2025
ලොකු දොස්තරලා අසූ දෙකක් දොට්ට පසුගිය වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැර යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 08 August 2025
මැණිකක් හොරාට විකුණන්න ගිය සජබ ප්‍රා.මන්ත්‍රී මාට්ටු රු.කෝටි 50ක වටිනා බව පවසා බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයකු ඇතුලු තිදෙනකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2025
‘ඊ ‘දුම්වැටි සමඟ අයෙක් අල්ලයි මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ’’ ඊ ’’ දුම් වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 08 August 2025
කොම්පඤ්ඤවිදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් අවිය - උණ්ඩ සොයාගනී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් සොරා ගන්නා ලද රිවෝල් වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 20 කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත. 08 August 2025
රිය අනතුරකින් අයෙක් මරුට ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. . 08 August 2025
ඌවේ හිටපු මැති ඇමැති පාවිච්චි කළ සැප වාහන අලෙවියට ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි. 08 August 2025
බොරැල්ලේදී වෙඩි කෑ එක් අයෙක් මරුට බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි. 08 August 2025
ට්‍රම්ප් බද්ද අඩුකරන්න තීරුබදු රහිතව වාහන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 08 August 2025
රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිගෙන් ආරාධනයක් ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 08 August 2025
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව, සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර,පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 August 2025
රේගුවේ ඇති ජෝන්කීල්ස් සමාගමේ වාහන මුදා හරින්න එකඟතාවක් රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද එකගතාවය පළ කළේය. 07 August 2025
‘‘ජ‘පුර වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන බවත්,විමර්ශනය සමථයකට පත්කිරීම නොකරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(07) ප්‍රකාශ කළේය. 07 August 2025
පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 07 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමකින් පහක් රෝහලට බොරැල්ල සහසරපුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි පුද්ගලයන් පස් දෙනකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි වරුසාවකින් එම පුද්ගලයන් පස්දෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි. 07 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (8)හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. 07 August 2025
බලන් අසළ පෙරහරේ චමත් කාරය සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ සිවුවැනි රන්දෝලි පෙරහර වීදි අද සංචාරය කෙරුණි. 07 August 2025
ඔටාරාගෙන් නිවේදනයක් ’’එජ් කෝඩ් ප්‍රෝ’’ නම් මාර්ග ගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ඊයේ(07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය. 07 August 2025
පැය තුනට දොලොස් දහසක් මාකුඹුරට දින තුනක දීර්ඝ සති අන්තයක් පාසල් සහ විශ්ව විද්‍යාල නිවාඩු ලබාදීමත් මත ගම්බිම් බලා යාම සදහා පැය තුනක කාලයක් ඇතුළත මගීන් දොළොස්දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (07) දින සවස පැමිණ සිටි බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසුවාය. 07 August 2025
නුවර බැතිමතුන්ට ජරා බනිස් කවන්න හදලා ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයට පිට ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 360 ක් විනාශ කර දැමීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 07 August 2025
ලංකාවේ තැපැල් සේවයට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ සහය මෙරට තැපැල් සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම් ආචාර්ය වින්යා ප්රකාෂ් සිං මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය. 07 August 2025
බීලා වාහන එලවූ 86ක් දැලේ පොලිසිය සහ හමුදාව කරන ඒකාබද්ධ මෙහෙයුමේදී බීමත් රියදුරන් 86ක අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 07 August 2025
’’විපක්ෂ නායක දොස්තර හොඳ හිත කාටුනයේ චව් චව් වගේ’’ සදාකාලික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හරියට දොස්තර හොඳ හිත කාටූනයේ චව් චව් වගේ යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (9) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 07 August 2025
සෝමරත්න දිසානායක ලෙස රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ් වීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා ලෙස පෙනී සිටිමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කළේ යැයි අත් අඩංගුවට පත් පොල්ගහවෙල තැපැල් සේවකයා ලබන විසි එක දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (7) නියෝග කළාය. 07 August 2025
රිය අනතුරෙන් අයෙක් මරුට: අයෙක් රෝහලට වාලච්චේන , වැලිකන්ද, මීයන්කුලමේදී යතුරුපැදියක් ට්‍රැක්ටරයකට ඉස්සර කිරීමට යාමේදී සිදු වූ අනතුරකින් අයෙක් මියගොස් තවත් අයෙක් බපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 07 August 2025
අපේ ස්ථාවර ගමනට කකුල් මාට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටේවි යැයි විපක්ෂය හැම විටම කුරිරු සිහිනයක් දකින නමුත් ඔවුන්ගේ සිහිනය කිසි විටක ඉටුවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026