(අංජුල මහික වීරරත්න)

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනෙමිතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ  සෞන්දර්ය අධ්‍යාපනය යටතේ සංගීතය, නර්තනය, චිත්‍ර කලාව සහ රංගනය වැනි කලා විෂයයන් ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, බොහෝ පාසල් වල මේ සඳහා අවශ්‍ය උපකරණ වල දැඩි හිඟයක් පවතින බව නිරීක්ෂණ කර තිබේ. එසේම, දරුවන්ගේ අවශ්‍යතාවට ගැලපෙන නවීන උපකරණ පාසල් පද්ධතියේ  නොමැති තත්ත්වයක් උද්ගතව ඇති අතර, පවතින බොහෝ උපකරණ ද යල් පැන ගොස් අබලන්ව ඇති බව වාර්තා වී ඇත. එම තත්ත්වය සෞන්දර්ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට සහ දරුවන්ගේ සමස්ත පෞරුෂ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව පෙනී ගොස් තිබේ. එබැවින්, පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1,215 ක ඇස්තමේන්තු ගත පිරිවැයක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලයේ ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.