
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හය වසර මොඩියුල කිසිවක් හෝ ඉවත් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
හරිනි අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
පෙළ පොත් බෙදා හැරලා තියෙනවා. හය වසර යෝජිත ප්‍රතිසංස්කරණවල මොඩියුල ගහල තියෙන්නෙ. අපි ඒවා අයින් කරලා නැහැ. පාඩුවක් වෙන විදිහට තීරණයක් අරගෙන නැහැ. ඒවා 2027දී පාවිච්චි කරනවා. එක මොඩියුලයක තිබ්බ ගැටලුව නිවැරදි කිරීමට ගත යුතු පියවර තීරණය කරලා තියෙනවා.මොඩියුල ඉවත් කරලා නැහැ.
නලින් ජයමහ මහතා:
පිටු ගලවන එකට පිටු ඉරන එකට කියන්නෙ මොකක්ද කියලා කියන්න මම දන්නේ නෑ.හය වසරේ අයට අද මොඩියුලයත් නැහැ. පෙළපොතත් නැහැ. මොකක්ද කෙහෙල් මලක් දාලා පාරේ යන්නත් බෑ.
හරිනි අමරසූරිය මෙනවිය:
6 ශ්‍රේණියේ ළමයින්ට පාරෙ බැහැලා යන්න බැරි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ළමයි වරදක් කරලා නැහැ. පාරෙ බැහැලා යන්න බැරි ඔබතුමන්ලාට. ඒක මේ මුළු රටම දන්නවා. 6 ශ්‍රේණිය පෙළ පොත් අපි දැන් බෙදන්න පටන් අරගෙන තියෙනවා. පෙබරවාරි මාසය මැද විතර වෙනකොට සියලු පෙළ පොත් බෙදලා ඉවර කරනවා. ඒ අතරතුර ගුරුවරුන් ඉගැන්වීම් වැඩ ආරම්භ කරලා තියෙනවා. පරණ ‘සිලබස්’ එක තියෙන නිසා ගුරුවරුන්ට ඉගැන්වීම් කරන්න පුළුවන්. ඒ දරුවන්ට අසාධාරණයක් නොවීමට අපි වගා බලා ගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd