කුච්චුවේලි සිද්ධිය ගැන නාවික හමුදාව කරුණු පැහැදිලි කරයි
නාවික හමුදාව විසින් ත්රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එමින් සිටියදී සංවිධාත්මක බෝට්ටු 3 කින් පැමිණි 30 දෙනකුගෙන් යුත් ධීවරයන් පිරිසක් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට යාමේදී කළ වෙඩි තැබීමකදී එක් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.