(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටියකට ආසන්න වටිනා මෙත් ඇම්පැටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය සඳහන් කරයි

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක් පොලිස් බාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ  නිරත කෙසෙල් වත්තේ කවි නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි

සැකකරු හෙට (5) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම  අපරාධ විමර්ශන කාර්යාංශය  මගින් සිදුකිරීමට නියමිතය