ජනාධිපති පාර්ලිමේන්තු ආවේ නරක හීනයක් දැකලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි හිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
පාවිච්චි කරලා ආපහු දෙන්න මන්ත්‍රීවරුන්ට වාහනයක් පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
දැන් අපිට ට්‍රිලියනයක් තියෙනවා දැන් ආණ්ඩුව සතුව රුපියල් ට්රිලිනයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
හැකි නම් පොළට ගිහින් ආර්ථිකය දියුණු වෙලා යැයි කියන්න රටේ ආර්ථිකය දියුණු වෙලා තියෙනවා යැයි හැකිනම් පොළට ගිහින් කියන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2025
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජනවාරි 29 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (07)නියම කළාය. 07 August 2025
අනවසරයෙන් ලංකාවට පැන්න ඉන්දියානුවන් 4ක් අත්අඩංගුවට සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් කච්චතිව් දූපතට පැමිණ සිටි ඉන්දියන් ජාතකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ්ට් පොලිසිය පවසයි. 07 August 2025
පකිස්ථාන මහකොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අසීස්(Faheem Aziz) මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 07 August 2025
රෝහිතගේ ’’සුප්‍රීම් සැට්’’ එකට ආණ්ඩුවෙන් මුදල් නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ’සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය 07 August 2025
ජනවසම පාළු ඉඩම් බදුදෙයි ජනවසම ඌන උපයෝජිත ඉඩම් බදු දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 07 August 2025
රටේ දරු උපත් අඩු වෙලා රටේ උපත් ප්‍රමාණය අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 August 2025
මිඩ් වයිෆ්ලාට මෝටර් සයිකල් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය. 07 August 2025
කෝපා මහා පුටුව කබීර් හෂිම්ට අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෝපා කමිටුවේ සභාපති ධූරය සදහා ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 07 August 2025
මැති ඇමැති 7ක් :ඇමැති ඥාතී 149 ක් අල්ලසට කොටු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමැතිවරුන් හත් දෙනකු සහ දේශපාලඥයන්ගේ ඥාතීන් 149 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 07 August 2025
ජනපතීන්ගේ තටු කැපෙන පනත අද මැති සබයට ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය. 07 August 2025
ඇමෙරිකා බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය. 07 August 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයින් තිදෙනා ගුවන්තොටෙිදී අල්ලයි රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද(07) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 August 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 August 2025
කුලී යතුරුපැදිකරුවකුට වෙඩි ප්‍රහාරයක් මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි. 06 August 2025
නුවර පෙරහරට සැකකටයුතු භාණ්ඩ ගෙන ආ පියා සහ දුව අත්අඩංගුවට මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක්, පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු අද(06) වන දා අත්අඩංගුවට ගෙන තිබේ. 06 August 2025
ව්‍යසන කළමනාකරණය ජාතික සභාව වසර 7කට පසු රැස් වෙයි ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ පැවැත්විණි. 06 August 2025
දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක් පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී පැවසූහ. 06 August 2025
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේ දී රැස්විය. 06 August 2025
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කියයි. 06 August 2025
ක්‍රම -විධි කාරක සභා ලොකු පුටුව විජේසිරි බස්නායකට ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය. 06 August 2025
උපාධිධාරින්ට ගුරු සිහිනය පෙන්වූ ගුරුවරියක් මාට්ටු සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. 06 August 2025
විදුලි පනත සම්මතයි රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 06 August 2025
සෞඛ්‍යයට 1408ක් බඳවා ගන්න යයි සීමාවාසික පුහුණූව අවසන් කළ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාතයාංශය පවසයි. 06 August 2025
ප්‍රාථමික ශ්‍රේණි වෛද්‍යවරු 1408 ක් ගන්න අයැදුම්පත් කැඳවයි සීමාවාසික පුහුණුව 2024.10.29 දිනට අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 August 2025
විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ විදුලි බල සංශෝධන පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026