නාගරික ප්‍රවාහනයට මෙට්‍රෝ බස් එයි නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින් සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි. 03 June 2025
ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට රජයේ වැඩකට නොගත් (ඌන උපයෝජිත) ඉඩම්/ දේපළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක් අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බඩ ඉරිඟු රටින් ගේන්න කැබිනට් අනුමැතිය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් පාසල් පද්ධතියේ ප්රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. 03 June 2025
පියසේන ගමගේ අල්ලස් කොමිසමට එයි හිටපු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 03 June 2025
යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවේ ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 03 June 2025
උතුරේ දිස්ත්‍රික්ක තුනක ’’යූත් ක්ලබ්’’ හදයි වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර Youth Clubs පිහිටුවීමේ කටයුතු වලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 03 June 2025
හැටන්-නුවරඑළිය මාර්ගය එක් මං තීරුවකට සීමා කරයි නායයාමේ අවදානමක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මංතිරුවකට අද (03) දින සීමා කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 03 June 2025
කෙහෙළියට - රමිත් පුතාට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 03 June 2025
සරසවියක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක කොට්ඨාසය පවසයි 03 June 2025
රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 03 June 2025
රිය අනතුරින් අයෙක් මරුට: දරුවන් 4ක් ඇතුළු 6 ක් රෝහලට දෙහිඅත්තකණ්ඩිය මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද උදෑසන හොබරියාව ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය. 03 June 2025
නිතී විරෝධි බීඩි කොළ සමඟ 13ක් අල්ලයි තීරු බදු රහිතව මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝ 1917 ක් සමඟ සැකකරුවන් 13 දෙනෙක් හලාවත කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 June 2025
හල්ඔළුවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු පෞද්ගලික බැංකුවක් අසලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔළුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ගමන් ගත් මෝටර් රථය හරස්කර මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 03 June 2025
බුද්ධි කොස්තාපල්ට පහරදුන් 4ක් අල්ලයි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 03 June 2025
පළාත් කීපයකට වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 03 June 2025
ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති දිවයිනට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය . 03 June 2025
විදේශ කාර්යාංශය කෝටි සීයක් පිනට දීලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 03 June 2025
කුඩ්ඩන්ට යට නොවූ පොලිසිය කැවුම් කිරිබත් කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් තොඩුවාව පොලිසියට උපහාර පළ කරන්නට ගම්වැසියෝ කැවුම් කිරිබත් උයාගෙන පොලිසියට පැමිණියහ. 02 June 2025
මාලිමාව කොළඹ පුරපති පුටුව ගන්නවා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය 02 June 2025
පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක් පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 02 June 2025
කොළඹ සජබ පුරපති අපේක්ෂක නම් කිරීම හෙට කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය හෙට (3) ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. 02 June 2025
කොලේ වහලා රබර් බුෂ් ගෙනත් ලංකා පොස්පේට් සමාගම ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදාගන්නා ‘රබර් බුෂ්’ ගබඩාවේ තිබියදී එ්වා පාවිච්චියට ගත නොහැකි බව දන්වමින් එම ඒකක දෙසීයක් වැඩි මිලට ආනයනය කිරීමෙන් ආයතනයට රැපියල් එක්කෝටි පනස් හත් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර අලුත්ම වාර්තාවක සඳහන් වේ. 02 June 2025
මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි. 02 June 2025
මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ ’’මිණි ධන පදනම’’ මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ. 02 June 2025
අනුදි ගුණසේකර දිවයිනට 2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. 02 June 2025
කැකිරාවට සජබෙන් කාන්තාවන් පත් කරනවට තහනමක් කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේග ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා කාන්තාවන් පත්කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (02) නිකුත් කළේය. 02 June 2025
ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයට ලැබණු සුඛෝපභෝගී මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය . 02 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025