
ගාලු මුවදොර ඇරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිදු සේනාරත්න නොහොත් රැට්ටා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (2) වරෙන්තු නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් පෙනී නොසිටි හෙයින් මෙම වරෙන්තුව නිකුත් කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ අතර සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතීසි ද නිකුත් කළේය.
එසේම පෙර නඩු දිනයේ නඩු විභාගයට නොපැමිණි තැන්නේ ඥාණානන්ද හිමියන් අමතර රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හරින ලෙසටද නියෝග කළේය.
ඉකුත් 2022 වසරේ ජූලි මස 25 වනදා අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති සෙසු සැකකරුවන් වන රංගනවේදිනී දමිතා අබේරත්න, ,ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ,, තැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමා ඇතුළු හත් දෙනෙක් දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd