මිලියන 23ක කේරළ ගංජා යාපනයෙන් හමුවෙයි යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තිබී කේරළ ගංජා විශාල තොගයක් සොයා ගත් බව නාවික හමුදාව සදහන් කරයි. 06 August 2025
ගීතයේ අයිතිය ගැන නීති සංශෝධනය කරන්නැයි ගායක සංගමය ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 06 August 2025
සවස තැනින් තැනට වැසි තත්වයක් බස්නාහිර, සබරගමව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2025
මැති ඇමති පුත්තු ඥාතීන් 72 කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 06 August 2025
පොලිස් ගබඩාවෙන් ගිනි අවි ඉස්සූ සැරයන් මාට්ටු කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාව තුළ තිබූ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. 06 August 2025
මැතිසබෙත් උණුසුම් වූ දේශබන්දු ගෙදර යැවූ විවාදය දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ’’ගෝඩ් ෆාදර්’’ කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 August 2025
යකල්ල යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට ගලෙන්බිදුණුවැව,කැකිරාව මාර්ගයේ යකල්ල 22 කණුව ආසන්නයේදි සිදුවු යතුරැ පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු අද පස්වරැවේදි මියගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 05 August 2025
එළුවන් බලන්න ගිය දරුවා ඉසඩ් ඇළට බිලි අවුරුදු අටක් වයසැති දරුවකු මව සමග එළුවන් බැලීමට අද සවස ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ඉසඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 05 August 2025
ආණ්ඩුවේ මේවා කරන්නේ අපෙන් පළිගන්න ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය 05 August 2025
නූතන රාජ්‍ය සේවයක් හදන්න ලබන අයවැයෙන් ප්‍රතිපාදන භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය. 05 August 2025
ජපුර වෛද්‍යවරියගේ දියණිය සමාව ගන්න සූදානම් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද(05) ප්‍රකාශ කළාය. 05 August 2025
මත් වැරදි වලට 881ක් පොලිස් දැලේ පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ දිනයේ කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 881 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි. 05 August 2025
සීමා නිර්ණ කමිටු නිර්දේශ සමාලෝචනයට තව කමිටුවක් 2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
බිරිය ඝාතනය කළැයි සැමියා පෝරකයට තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්. මොහොමඩ් අබ්දුල්ලා මහතා අද (05) මරණ දණ්ඩනය නියම කළේය . 05 August 2025
දේශබන්දු රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක් දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ’’ගෝඩ් ෆාදර්’’ කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
ලග්ගල හිටපු සභාපතිගේ පුතා මැරුවාට දෙකක් පෝරකයට ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගර මතාගේගේ පුතට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඔහු සමග සිටි තවත් අයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වු චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහ අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද නියම කළේය. 05 August 2025
චාර්මස් ධාන්‍යාගාර ඉඩම බදු දෙන්න යයි කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
රත්මලානේ ඝාතනයට 4ක් මාට්ටු රත්මලාන මහල් නිවාසය ආසන්නයේදී පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 4 දෙනකු මොරටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (4) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 05 August 2025
හරක් කටාට - මිදිගම රුවන්ට අධිචෝදනා බාර දෙයි රහස් පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ පාතාල අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ’’හරක් කටා” මිදිගම රුවන් සහ රහස් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ අද (05) බාර දුන්නේය. 05 August 2025
දේශබන්දුගේ ධූරයෙන් නෙරපන යෝජනාව සම්මතයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී අද (5) පස්වරුවේ සම්මත විය. 05 August 2025
හිටපු ජනාධිපති ලේකම් CIDයෙන් පිටව යයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට මොහොතකට පෙර ඉන් පිටව ගියේය. 05 August 2025
දොස්තර මහේෂිකගේ දියණිය කළ ඉල්ලීම අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන, අධිකරණය ඉදිරියේ සැකකාරියක වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනාපත්‍රයක් ගොනුකරන්නේ ද? නැද්ද? යන්නන පිළිබඳව අනිද්දා දින (07) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අල්ලස් කොමිසමට අද(05) නියෝග කළාය. 05 August 2025
හෘද ප්‍රතිකාර බේතක් ගන්න ප්‍රසම්පාදනය ඉන්දියාවට පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියු, මිලිලීටර් 0.4 සිරින්ජර්/ වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දු මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 August 2025
සංචාරක සංවර්ධනයට ජනපති කාර්ය සාධක බලකායක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
වත්තල ඝාතනයකට තිදෙනකු අල්ලයි වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට කඩා වැදි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි 05 August 2025
සහජීවනය ගැන ක්‍රියාකාරී සැලැස්මක් ප්රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
ඇමරිකා සරසවියක් එක්ක ගිවිසුමක් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026